Local

මහාචාර්ය අර්ජුන පොලිස් සයිබර් අපරාධ ඒකකයට

Sunday, 11 February 2024 - 8:54 am

ශ්‍රී ලංකාවේ කීර්තිමත් වෛද්‍ය විශේෂඥයෙකු වන මහාචාර්ය අර්ජුන ද සිල්වා දියවැඩියා ඖෂධ සම්බන්ධයෙන් කරන ලදැයි කියන ව්‍යාජ ප්‍රකාශ ඇතුළත් විවිධ ලිපි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත.

එම ලිපි මගින් දියවැඩියා රෝගයට සම්බන්ධ ඖෂධීය නිෂ්පාදන සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා මහාචාර්යවරයා විසින් ලබානුදුන් ප්‍රකාශ යොදාගෙන ඇති බව වාර්තා වේ.

දියවැඩියා රෝගය සඳහා විවිධ ඖෂධ පැළෑටි ප්‍රවර්ධනය කරමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් සුවතා සම්බන්ධ වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

සම්පුර්ණයෙන්ම ගොතන ලද සම්මුඛ සාකච්ඡාව සහ ලිපිවල අන්තර්ගතය ප්‍රතික්ෂේප කරමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසන්නේ, මේ සම්බන්ධයෙන් පොලිස් සයිබර් අපරාධ ඒකකයට දැනුම් දී ඇති බවයි.

තම නම භාවිත කරමින් වෛද්‍ය නිෂ්පාදන අලෙවි කරන ඕනෑම පුද්ගලයකුට හෝ සංවිධානයකට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් අනතුරු අඟවයි.

මෙවැනි අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, මෙම අසත්‍ය ප්‍රචාරවලට නොවැටී සිටින ලෙසත් මහාචාර්ය අර්ජුන ද සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටී.


Top Stories
wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT