Local

අවුරුදු දෙකෙන් දුප්පත්කම නැති කරනවා -සජිත්

Saturday, 31 August 2024 - 8:07 am

දිලිඳු ජනතාව නඟාසිටුවීම සඳහා සාර්ථකම වැඩපිළිවෙළ ඇත්තේ තමා සතුව බව සමගි ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිකවැරටියේ අද (30) පැවති ජන රැලියකදී ඔහු මේ බව කියාසිටියේය.

'රාජ්‍ය සේවය වෙනුවෙන් 24%ක වැටුප් වැඩි කිරීමක්. රු17,800 සිට 25,000 දක්වා ජීවන වියදම් දීමනාව ලබාදීම. රු 57,000ක අවම වැටුපක්. 6% - 36% දක්වා තිබෙන බදු සුත්‍රය වෙනුවට 1% - 24% දක්වා ක්‍රියාත්මක වන බදු සුත්‍රයක් නිර්මාණය කරමින් රාජ්‍ය සේවය මැදපන්තිය රකින වැඩපිළිවෙලකට යොමු වෙනවා. ගොවින්ට කිලෝ 50 පොහොර මිටිය රු 5,000ට ලබාදෙනවා. රසායනික තෙල් දරාගත හැකි මුදලකට ලබාදෙමින් වගා ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. දුප්පත්කම තුරන් කිරීමට ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම, ගැමිදිරිය හැම වැඩසටහනකම හොඳ ගුණාංගයන් ටික අරගෙන අවුරුදු 2ක දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. සමහර කුහකයෝ විවේචනය කරනවා කරන්න බෑලු. වැඩබැරි අයට බෑ තමා. කුරුණෑගල මේ ප්‍රා ස 30 ජීවත් වන මගේ ජනතාව අපි කුරුණෑගල ගොඩගන්නවාමයි. අපිට ඉඩ දෙන්න රට ගොඩගන්න. කවුද ජනතාවට පිහිට වෙන්නේ. හොඳට මතක තියා ගන්න ඔබේ දුකේදී ඉන්න එකම හිතවතා සජිත්.'


Top Stories
wedivistara

ලයිට් කපන්න ගිය මණ්ඩලේ නිලධාරියා පහරකෑමෙන් රෝහලේ

wedivistara

කටාරයේ අමෙරිකානු කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානය සටන් විරාමයකට කැමති වෙයි

wedivistara

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1300කට අධික තොගයක් සහ බීඩි 29000කට අධික තොගයක් නාවික හමුදා භාරයට

wedivistara

විදේශ ආයෝ­ජන ජුනි මාසය වන විට කෝටි 116,970ක් දක්වා ඉහළට

wedivistara

ඉරාන-ඊශ්‍රා­යල් යුද්ධයේ බල­පෑ­ම්ව­ලට මුහු­ණ­දී­මට සූදා­නම් විය යුතුයි

wedivistara

බොරැල්ලේ වෙඩි තැබීමක්

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

wedivistara

Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමේ තීරණයක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

ඔස්කාර් සහ එමී සම්මාන ලාභී සුප්‍රසිද්ධ සිනමා තරුවක් ලංකාවට

wedivistara

ලබන 30 වැනිදා සිට ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරිමට පියවර


NEWS ALERT