Local

ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණ ජයිකා ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්‍රතිලාභ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල.

Wednesday, 28 February 2024 - 7:38 am

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (ජයිකා ) සමඟ එක්ව සිදු කරන ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්‍රතිලාභ හිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවැසීය.

පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සඳහා රෝහල්වල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතියෙන් මෙරට ප්‍රධාන රෝහල් 3ක් සංවර්ධනය කිරීමට පියවර ගැනීම සහ ප්‍රජාව තුළ වැඩිහිටියන් කේන්ද්‍ර කර ගත් සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජයිකා – ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA – Japan Inte ational Cooperation Agency) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා (Mr. Tetsuya Yamada) මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී (26) පැවැත්විණි. එහිදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.

මෙහිදී ටෙට්සුයා යමඩා මහතා විසින් මෙරට සෞඛ්‍ය පද්ධතියේ සේවා වැඩිදියුණු කිරීම ජයිකා ව්‍යාපෘතියෙන් ක්‍රියාත්මක වීම පිළිබඳවත්, දැනට ක්‍රියාත්මක වන සංවර්ධන, ආධාර වැඩසටහන් පිළිබඳවත් සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කරන ලදී.

වසර 70ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් සපුරන ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ මිතුදම පිළිබඳව ද, මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය සඳහා ජයිකා ව්‍යාපෘතියෙන් සිදු කළ සේවාවන් ද සිහිපත් කළ සෞඛ්‍ය ලේකම්වරයා මෙරට ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික සෞඛ්‍ය සේවා විධිමත් ලෙස පවත්වා‌ගෙන යෑමට ජපාන රජය සහ ජයිකා ව්‍යාපෘතිය දෙන සහයෝගයට ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් ස්තූතිය පළ කළේය.

ඉදිරියටත් එම සහාය අපේක්ෂා කරන බවත්, යෙන් බිලියන 5ක මූල්‍ය පරිත්‍යාගයකින් මෙරට සෞඛ්‍ය සේවාවට සුවිශේෂී ඉන්ධන පරිත්‍යාගයක් සිදු කිරීම පිළිබඳවත් ජපන් රජයට මෙන්ම ජනතාවට ද සෞඛ්‍ය ලේකම්වරයා විශේෂ ස්තූතියක් පළ කර සිටියේය.

මේ අවස්ථාවට ජයිකා ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නියෝජිත යුරි ඊඩේ (Ms. Yuri IDE) සහ සහකාර නිලධාරිනී එරංගා රාජපක්ෂ මහත්මීහු සහභාගී වූහ.


Top Stories
wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

wedivistara

රුපියල් කෝටි 02 ක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT