මුල්කිරිගල ආසනයේ සමඟි ජන බලවේගයේ ගුරු වෘත්තීය සංගමයේ සභාපති ආරියරත්න ඒකනායක මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ගෙන ඇත.
එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දක්වමින් මුල්කිරිගල ආසනයේ සමඟි ජන බලවේගයේ ගුරු වෘත්තීය සංගමයේ සභාපති ආරියරත්න ඒකනායක මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් පෙරේදා (27) ඒ මහතාට පක්ෂ සමාජිකත්වය පිරිනමන ලදී.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්රික් වෘත්තීය සමිති සංවිධායක ලෙස ද ආරියරත්න ඒකනායක මහතා පත්කරන ලදී. මෙතෙක් කාලයක් සමඟි ජන බලවේගය වෙනුවෙන් වීරකැටිය ප්රාදේශීය සභාවේ මැතිවරණ මෙහෙයුම් ප්රධානී ලෙස කටයුතු කරන ලද්දේ ද ඒ මහතාය.