Local

whatsapp හොරු පිරේ..

Tuesday, 29 October 2024 - 10:12 pm

WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post) මහින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබාගිනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවට ශ්‍රී ලංකා සර්ට් ආයතනය නිරීක්ෂණය කොට ඇත .

ඒ අනුව විවිධ බැංකු ,වාණිජ ආයතන ,අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග ,මුදල් තෑගි ,දිනුම් වාසනා , අධිකලාබදායි භාණ්ඩ online ක්‍රමයට ලබාදීම , රැකිරක්ෂා ලබාදීමට ,ලියාපදින්චිවන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ සහ WhatsApp පණිවුඩ මගින් OTP password තොරතුරු ඉල්ලා එවන පණිවුඩ වළින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රීලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලාසිටියි.

අනුකාරක ( Fake web ) වෙබ් අඩවි ,සමාජ මාධ්‍ය (Social Media )වේදිකාවන්, SMS, WhatsApp , හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම් කරුවන් ඔබ හා සම්බන්ධ වීමට උත්සහ දරනු ඇත.

ඔවුන් විසින් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධවන පුද්ගලයන්ගේ පරිගණක ,ජංගම දුරකථන වල ඇති දත්ත සො රා ගැනීමෙන් විවිධ අපචාර සදහා මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලබයි. විශේෂයෙන්ම WhatsApp පණිවුඩ මගින් එවනු ලබන OTP password තොරතුරු ඉලා සිටීම මගින් ඔබගේ whatsApp ගිණුම අපරාධ කරුවන්ගේ ග්‍රහනයට ගනු ලබයි. එමගින් ඔබගේ WhatsApp ගිණුම භාවිතා කරමින් විවිධ ආධාර ඉල්ලීම් වැනි කටයුතු සිදුකරනු ලබයි.

මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණයද වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි.

අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ගනුදෙනු හා වෙනත් කාර්යන්හිදී ඔබගේ පුද්ගලික දත්ත ලබාදීමේදී අදාල කාර්ය සදහා එම දත්ත ලබාදීම කොතෙක් දුරට අදාළ වන්නේද යන්න විමසා සිටීම ඔබගේ අයිතියකි.

එමෙන්ම අන්තර්ජාල ගනුදෙනුවලදී සමාජ මාධ්‍ය හා විවිධ සන්නිවේදන ජාල හරහා ලැබෙන පනිවුඩවලට ප්‍රතිචාර දැක්වීමට පෙර ඒවායේ නිතානුකුල භාවය හා ව්‍යාජ නොවන බව තහවුරු කරගන්න ලෙසද දැනුම් දෙයි.

සැකසහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුන හොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතන වල නිල වෙබ් අඩවි වලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගත හැකිය.

එසේ සහතික කරගත නොහැකි පණිවුඩ විවෘත කිරීමෙන් වලකින ලෙස හෝ නොසලකා හරින ලෙස ශ්‍රීලංකා සර්ට් ආයතනය තවදුරටත් මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ඒ ඒ සමාජ මාධ්‍ය හා අන්තර්ජාල සේවාවන් ගේ ඇති ද්විත්ව සථාපනය වැනි ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන ලෙසද ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහා ජනතාවගෙන් ඉල්ලා සිටියි.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT