Local

උතුම් දළදා සමිඳුන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය පූජා කළ මා වැඩි ඡන්ද ලක්‍ෂ විස්සකින් ජය ගන්නවා

Thursday, 19 September 2024 - 9:53 am

සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවසන් ජන රැලි අමතමින් කියයි
හිංසනය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජයග්‍රහණය සමරන්න
ජනතාවගේ බදුබර පහත හෙළනවා
මත්ද්‍රව්‍ය මාෆියාව අවසන් කරනවා
දුප්පත්භාවය තුරන් කිරීමේ නව වැඩපිළිවෙළක් අරඹනවා
හුස්ම සහ සක්වල වැඩසටහනින් රුපියල් බිලියනයක වැඩ කළා

උතුම් දළදා සමිඳුන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය පූජාකර මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ තමන් අනිවාර්යයෙන් වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජයගන්නා බවත් එම ජයග්‍රහණය හිංසනය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොරව භුක්ති විඳින ලෙසත් ජයග්‍රහණයෙන් පසුව ජනතා අයිතීන් සුරකින පොදුජන යුගය බිහි කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණයේ අවසන් මහ රැළිවලට සහභාගී වෙමින් ඊයේ (18 දා) පැවසීය.

උතුම් දළදා සමිඳුන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය පූජා කළ මා වැඩි ඡන්ද ලක්‍ෂ විස්සකින් ජය ගන්නවා

වෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් හෙතෙම ඊයේ දින මොනරාගල, ඇඹිලිපිටිය, අම්බලංගොඩ, බේරුවල සහ කොළඹ මරදාන ටවර් රඟහල ඉදිරිපිට පැවැති අවසන් ජන රැළියද ඇමතීය. රූකාන්ත ගුණතිලක, සුනෙත් උදයරත්න ඇතුළු ශිල්පීන් රැසක් ද එම වේදිකාවන්හි දේශාභිමානී ගීත ගායනා කළ අතර එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අවසන් බුද්ධි අංශ වාර්තා අනුව අපි අනිවාර්යෙන්ම ලක්ෂ 20ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනවා. මගේ කකුලෙන් අදින දේශපාලන ජෝඩුව වන රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක හොඳටම පහළින් ඉන්නේ. උතුම් දළදා සමිඳුන්ට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පූජා කරලා තමයි මා මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ. මම විශ්වාස කරනවා එසේ සිදුකරලා මේ රටේ පාලකයා වන පළමු ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාසයි. ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු යෝජනා සියල්ලක්ම අපි දිවි හිමියෙන් රකිනවා.

අපගේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ ස්ථිර ජයග්‍රහණය සාමයෙන් භුක්ති විඳින්න කියලා මම ලංකාවාසි සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. හිංසනය කරන්න යන්න එපා, ප්‍රචණ්ඩත්වය වපුරන්න යන්න එපා. ඒවා සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති නොවෙයි. සාමකාමීව ජයග්‍රහණය භුක්ති විඳලා ඊළඟ මොහොතේ සිට රට ගොඩනගන වැඩපිළිවෙළට මුළු රටම සූදානම් වෙන්න. විරුද්ධ මත දරන කිසිදු අයෙකුට හානි කරන්න එපා. ඒ අයත් රට ගොඩනගන ගමනේ පාර්ශ්වකරුවන් බවට අපි පත් කරගන්නවා. අපි ආගමික නිදහස රකිනවා. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික ආගම් අදහන්නට මේ රටේ ජනතාව අයිතිය තිබෙනවා. ජනතාවගේ

ආගම් ඇදහීමේ අයිතිය අපි සුරක්ෂා කරනවා. නිරාගමික රටවල් අපි නිර්මාණය කරන්නේ නෑ. මත්ද්‍රව්‍ය සහ පාතාලය බලයට ඇවිත් මාස 6 කින් සම්පුර්ණයෙන්ම අවසන් කරවනවා. ගන්න පුලුවන් තදබලම තීන්දු අරගෙන මේ රටේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය මාෆියාව අපි අවසන් කරනවා.

ජනතා විමුක්ති පෙරමුණට, පොදුජන පෙරමුණට, එක්සත් ජාතික පක්ෂයට සහ අනෙකුත් පක්ෂවලට සම්බන්ධ සියලුදෙනා අවසාන මොහොතේ හෝ ඔබගේ ඡන්දය නාස්ති නොකර දුරකතනයට ලබාදෙන්න කියලා මා ඉල්ලා සිටිනවා. මෙවර ජනාධිපතිවරණය ලක්ෂ 20 ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් දිනනවාමයි. අපි ළඟ හොර බොරු වංචා නෑ. අපි ළඟ දේශපාලන ඩීල් නෑ. අපි ළඟ දේශපාලන කුමන්ත්‍රණ නෑ. මේ රටේ දුකට පත්වී සිටින ලක්ෂ 220 ක් ජනතාව දුකින් මුදාගෙන රට ගොඩනැගීම තමයි අපිට තිබෙන එකම ඩීල් එක. ජනතාවගේ බදු බර අපි පහත හෙළනවා. ආයෝජන වැඩි කරනවා. ආයෝජනවලට වගේම රටට පිළිකාවක් වූ දූෂණය වංචාව හොරකම අපි අනිවාර්යෙන්ම පිටු දකිනවා. රට විනාශ කළ හොරුන්ව නීතියේ ඉදිරියට ගේන්න අපි කටයුතු කරනවා. සමගි නීතිඥ සංගමය සහ සමගි බුද්ධි මණ්ඩපය ෆයිල් පෙන්න පෙන්න බොරු සංදර්ශන කරන්න ගියේ නෑ. මේ රට බංකොළොත් කළ රාජපක්ෂ ප්‍රමුඛ කල්ලිය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමකින් රට බංකොලොත් කිරීමේ වරදට අපි පක්ෂයක් ලෙස ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම රටේ ලක්ෂ 220 වෙනුවෙන් හතරෙන් එකක විනිසුරුවරුන්ගේ තීන්දුවක් ලෙස අපිට ජය ගන්න හැකියාව ලැබුණා. අපි හොරුත් අල්ලනවා. හොරු හොරකම් කළ රටේ සම්පත් නැවත අපේ මාතෘ භුමියට ලබාගන්න අනිවාර්යෙන්ම කටයුතු කරනවා.

කොළඹ ඇතුළු සමස්ත රටේම දුප්පත්භාවයෙන් මිදෙන්නට අලුත් වැඩසටහනක් ඔස්සේ පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය යන කරුණු කේන්ද්‍ර කරගෙන අලුත් දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහනක් දියත් කරනවා. ඒ අනුව සෑම දුප්පත් පවුලකම ගෘහණිය කේන්ද්‍රීයව මාසයකට රුපියල් 20,000 ක මූල්‍ය ශක්තියක් ලබාදෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ මුදල්වලින් ජනතාව වැටී තිබෙන

අගාධයෙන් ගොඩ එන්නට අපි රජයක් ලෙස මැදිහත් වෙනවා. ඒ වගේම දස ලක්ෂයක් නව ව්‍යවසායකයින් බිහි කිරීමට තරුණ පරපුරට නව ව්‍යවසායකත්ව අවස්ථා ලබාදෙනවා. අපි අපේ ජාතික සම්පත සුරකින්න කටයුතු කරනවා. ඒ සම්පත් මේ රජය වගේ කුණු කොල්ලයට අපි වෙන්දේසි කරන්න දෙන්නේ නෑ. නව තාක්ෂණය ඔස්සේ ලාභ ලබන තත්ත්වයට එම ආයතන ගෙන ඒමට කටයුතු කරනවා. කවදාවත් ඒ සම්පත් වෙන්දේසි කරන්නේ නැති බවට වන පොරොන්දුව මම ලබාදෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ වගේම රටපුරා තොරුතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරලා තරුණ සංවර්ධන මධ්‍යස්ථා

ආරම්භ කරලා තරුණ ප්‍රජාවට නව තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා හැකියාව, තොරතුරු තාක්ෂණය වැනි අලුත් දැනුම තරුණ ප්‍රජාවට ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනවා.

76 වසරක දේශපාලන ඉතිහාසයේ බලයක් නැතිව වැඩක් කරපු එකම විපක්ෂය සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය පමණයි. හුස්ම සහ සක්වල වැඩසටහන තුළින් රුපියල් බිලියනයක අපි වැඩ කරලා තිබෙනවා. මේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීම අපි භාර ගන්නවා. වැඩක් කරනවා කිව්වාම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒදෙය ඉටු කරනවා. සියලුම ආගම් ජාතින්වලට සම්බන්ධ පිරිස්වලට සමගියෙන් ජීවත්විය හැකි ශක්තිමත් දේශයක් අපි නිර්මාණය කරනවා. භීෂණය වපුරවලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට මරු පහරවල් එල්ල කරන්න ඇතැම් පිරිස් උත්සාහ දරන බවට වන තොරතුරු අපිට ලැබිලා තිබෙනවා. එවැනි කිසිදු දේකට ඔබ බය වෙන්න එපා. නිර්භීතව 21 වැනිදාට මේ රටේ පොදු ජනතාවගේ අයිතීන් සුරැකින පොදු ජනයුගය බිහි කරන්නට බියෙන් සැකෙන් තොරව කටයුතු කරන්න. භීෂණය ක්‍රියාත්මක කරන සියලුමදෙනා අධිකරණය හමුවට ගෙන ඒමට කටයුතු කරනවා. රටේ ජනතාවගේ වගකීම අපි භාර ගන්නවා. රට ශක්තිමත් කරන්න ජනතාවගේ අතිවිශිෂ්ඨ ජනවරම සැප්තැම්බර් 21 වැනිදාට බය නැතිව රණසිංහ ප්‍රේමදාසගේ පුතාට ශක්තිය ලබාදෙන්න.

එහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික මතතා :

ඔබට තවත් දින කිහිපයකින් රටේ ජනාධිපතිවරයා තෝර ගන්න වෙලා තියෙනවා. අවුරුදු පහකට ඒ නායකයා තෝර ගන්න යන්නෙ. මෙවර ජනාධිපතිවරයා තෝරා ගැනීමට අවශ්‍ය වෙලා තිබෙන්නේ පරම්පරාවකට අනාගතය තීරණය කර ගැනීම සඳහායි. මතක තබා ගන්න 2022 රට බංකොළොත් වුණා. දැන් අපි ණය ගෙවනවද? නෑ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොකක්ද කරපු වික්‍රමය. මුකුත් කරේ නෑ. කරපු එකම දේ තමයි ණය ගෙවීම 2028 සිට 2042 දක්වා අවුරුදු 18 ක් කල් දාපු එක. ඒ නිසා රට මෙතැනින් ඔබ්බට ගිහිල්ලා ඔබේ රටේ රාජය මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරගෙන රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා රට නැවත බංකොළොත් නොවෙන රටක් ඇති කරන්න නම් එකම අපේක්ෂකයයි ඉන්නේ ඒ සමගි ජනබලවේගයේ සමගි සන්ධානයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පමණයි. අද මෙතන තරඟ ගොඩක් නෑ. මැතිවරණයට තව දින කිහිපයයි තියෙන්නේ. එහෙනම් සජිත් ප්‍රේමදාසට ඡන්දය දීලා නාමල් පුතාව පහළට දාලා රාජපක්ෂ පවුලේ දේශපාලනය ලබන 22 වැනිදා සදහටම විශ්‍රාම ගන්වන්න අනුරාධපුර ජනතාවට පුලුවන්. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සැමට ජයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි ඔබට අනිවාර්යයෙන්ම පොරොන්දු වෙනවා මේ සහගහන බදු අයින් කරලා ආහාර, සෞඛ්‍ය, ඉන්ධන, විදුලිය මේ සෑම දෙයක්ම සහන මිලට ලබා දෙනවා. එහෙමනම් දුරකනය ඉදිරියෙන් ඡන්දය ලකුණු කර සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවමු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය :

රනිල් වික්‍රමසිංහ ඔහුගේ

මැතිවරණ වේදිකාවල නැගලා ප්‍රකාශ කරන්න ඕන ඔහුව ජයග්‍රහණය කරන්න එකතු වෙන්න කියලා. නමුත් ඔහු කියන්නේ අනුර දිසානායකව ජයග්‍රහණය කරන්න රටේ ජනතාවට එකතු වෙන්න කියලා. ඔහුට අවශ්‍ය වෙලා තිබෙන්නේ අනුර කුමාරව ජනාධිපති පුටුවේ වාඩි කරවන්න. අනුර කුමාර ජනාධිපති වුණොත් මාස 6 ක් වත් ජනාධිපති පුටුවේ ඉන්නේ නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ බලාගෙන ඉන්න අනුර ජනාධිපති පුටුව දාලා පැනලා ගියාට පස්සේ රටේ ජනාධිපති වෙන්න. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාසව පරාජය කරන්න රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්නේ. රනිල් වික්‍රමසිංහ කැමැති නෑ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක ඔහුව පසුකරගෙන යනවාට. රනිල් වික්‍රමසිංහ දන්නවා සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති වුණොත් ඉහළ පැලැන්තියේ සියලු දෙනාටම අනිවාර්යෙන් සිරදඬුවම් විදින්න වෙනවා කියලා දන්නවා.

එක්සත් ජාතික පක්ෂයේ සිටින වේලාවෙත් සජිත් ප්‍රේමදාස මහත්තයාට දේශපාලනය කරන්න රනිල් වික්‍රමසිංහ ඉඩ දුන්නේ නෑ. වෙනම පක්ෂයක් හදාගෙන දේශපාලනය කරන්න කටයුතු කරද්දී ඒ දේටත් රනිල් වික්‍රමසිංහ ඉඩ දෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහට සජිත් ප්‍රේමදාස මහතා සමග තිබෙන්නේ පන්ති ප්‍රශ්නයක්. රනිල් වික්‍රමසිංහ කැමැති නෑ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකයා ඔහුව පසුකරගෙන යනවාට. රනිල් බයයි සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති වෙනවාට. සජිත් ප්‍රේමදාස කියන්නේ දක්ෂ වැඩපිළිවෙළක් තිබෙන නායකයෙක්. රනිල් වික්‍රමසිංගේ සියලු කුමන්ත්‍රණ පරාජය කරන්න සැප්තැම්බර් 21 වැනිදා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා:

මැද කොළඹ ආසනයේ සිට අපි ඓතිහාසික පණිවිඩයක් ලබා දෙනවා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂය අවසන් වරට ජනාධිපතිවරයෙක් දැක්කේ 1988 තමයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිගෙන් පස්සේ ඒ පක්ෂය භාර ගත්ත රනිල් වික්‍රමසිංහට බැරිවුණා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති කෙනෙක් බිහි කරන්න. පක්ෂය බංකොලොත් කරා. අලියව අයින් කරලා ගෑස් ටැංකියක් කර ගහගෙන ඉන්නවා. රණසිංහ ප්‍රේමදාසගෙන් පස්සේ අවුරුදු 36 කින් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෙක්ව අපි ජනාධිපති පුටුවේ වාඩි කරවනවයි කියන එක. රනිල් වික්‍රමසිංහට බැරි දේ අපි තමුන්නාන්සේලා එකතු වෙලා කරනවා. රනිල් වික්‍රමසිංහ ඇගේ වෛරය ප්‍රදර්ශනය කරන්න පටන් අරගෙන තිබෙනවා. සජිත්ව පරද්දන්න රනිල් අනුරත් එක්ක එකතු වෙලා කරන්න පුලුවන් හැම කුපාඩි වැඩක්ම කරනවා. අනුර කුමාර යාපනයට ගිහින් දෙමළ ඡන්ද සජිත්ට දෙන්න එපා කියලා තර්ජනය කරනවා. සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය ස්ථීර වෙලා කියන එක අද අනුර කුමාර තේරුම් අරගෙන තියෙනවා. ඒ හින්දා අනුර කුමාර උතුරේ, නැගෙනහිර ජනතාවට තර්ජනය කරනවා. අනුර කුමාරට කියනවා 88-89 කාලේ වගේ තර්ජනය කරලා මිනිස්සු සජිත්ට දෙන ඡන්ද වළක්වන්න බෑ. අනුර නොවෙයි මීළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාසයි. අපි කොළඹ උඩින්ම දිනනවා වගේම මුළු රටත් දිනනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා:

1994 පස්සේ මේ රටට ඉතාම අමාරු කාලයක් උදාවුණේ. රටේ කිසිම සංවර්ධනයක් දකින්න ලැබුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂය භාර අරගෙන අවුරුදු තිහක් තුළ මැතිවරණ හයක් පරාජයට පත්වුණා. පක්ෂයේ නායකයෙක්ට බිහි වෙන්න අවස්ථාව නොදී රාජපක්ෂලා වගේ අදක්ෂ නායකයින්ට උදව් කරලා ආාසියාවේ පොහොසත්ම පවුල බවට පත් කළා. ආසියාවේ බංකොලොත් රට බවට පත් කරලා. අපේ රටේ ඉතිහාසය වෙනස් කළා. මේක නිවැරදි කරන්න ඔබට තුමන්ලාට අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපේක්ෂකයෝ හතර දෙනෙක් ඉන්නවා. ඔවුන්ව හොඳට විස්තර කරලා බැලුවොත් පක්ෂය, කල්ක්‍රියාව, පසුබිම බැලුවොත් ඔබට එච්චර අමාරු වෙන්නේ නැහැ ඒ හතර දෙනාගෙන් ජනාධිපති කෙනෙක් තෝර ගන්න. එල්.ටී.ටී,ඊ, සංවිධානයයි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමයි මේ රට විශාලම දේපළ විනාශයට, අධ්‍යාපනයට, මිනි මැරුම්වලට සියල්ලටම මේ රට කරුම රටක් බවට පත් කරන්නට මේ සංවිධාන දෙකම වගකියන්න වෙනවා. රාජපක්ෂ පාලනය අපිව බංකොලොත් කළා. අපි දුප්පත් වුණා. රාජපක්ෂ පවුල් පොහොසත් වුණා. මේ බලවේග තුන තමයි අපිව බිමට ඇදලා දැම්මේ සහෝදරවරුනි. මුළු පාඩුව ගත්තෝත් ඩොලර් බිලියන 500 කට අධිකයි. මේ ඩොලර් බිලියන 500 තිබ්බා නම් අද ආසියාවේ ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාවයි. රාජපක්ෂලා බලයට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. රාජපක්ෂලාට මැතිවරණයට වැඩ කරන්න කවුරුත් හිටියේ නෑ. චන්ද්‍රිකාව බලයට ගේන්න උදව් කළේ ජනාති විමුක්ති පෙරමුණ. හැම ආණ්ඩුවකටම ජැක් එක ගැහුවා ජේවීපී එක. හැත්තෑ වසරක සාපය කියන ජේවීපී එක මේ සාපරාධී ක්‍රියා සෑම එකකටම වගකියනවා. මේ රට කාලකණ්ණි වුණේ ප්‍රධාන වශයෙන් ජේවීපී හින්දා. ලක්ෂ අසූවට වැඩිය යාපනය උතුර නැගෙනහිර දකුණ බටහිර මේ රටේ සියලු ජාතීන්ගෙන්

සියලු ආගමිකයන්ගෙන් බිහිවන නායකයා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා.

එහිදී අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා:

මේ ජන ගඟ දැක්කම සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙනවා නියතයි. අපි වැඩි ඡන්ද ලක්ෂ ගණනකින් ජයග්‍රහණය කරනවා. අපි 2019 දි කිව්වා පළපුරුද්දක් නැති හැකියාවක් නැති දක්ෂතාවයක් නැති ඝෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්න එපා කියලා. අද බංකොලොත් රටක්. අද තුන්වේල කන්න විදිහක් නෑ. බෙහෙත් ටික නෑ. පොහොර ටික නෑ. දරුවන්ට පාසල් යන්න විදිහක් නෑ. විදුලි බිල ගෙවා ගන්න විදිහක් නෑ. එවැනි දුප්පත් රටක් ගොඩ ගන්න අපි මේ සැරේ නිවැරදි තීරණයක් ගන්න වෙනවා. රනිල් වික්‍රමසිංහ ඉන්න කන් අපිට හිමිව තිබුණේ පරාජය. රනිල් වික්‍රමසිංහ මහත්තයට තෝර ගන්න වෙන්නේ තුන්වෙනියද හතර වෙනියද කියලා තමුන්නාන්සේලාට තීරණය කරන්න වෙනවා. රනිල්ට දෙන ඡන්දය වැඩක් නැති ඡනදයක්. මම කාරුණිකව ආරාධනය කරනවා ඒ අයට ඡන්දයට වටිනාකමක් දෙන්න දිනන නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දය දෙන්න කියලා. රනිල් මහත්තයගෙන් බොරු අහලා මිනිස්සු අද බඩගින්නේ ඉන්නේ. තමුන්නාන්සේගේ රට හැදිල්ලෙන් ලක්ෂ 11 ක් විදුලිය විසන්ධි කරලා. දුප්පත් දරුවෝ පාසල් යන්න විදිහක් නෑ, අහිංසක දුප්පත් ජනතාවගේ

රත්තරන් බඩු ටික උකස් පොළේ තියලා. 2019 දි රැස්වීමක් තිබ්බාම මෙවැනි ස්ථාන පිරිලා තිබ්බා. අද පොඩි කාමරයක් පුරව ගන්න සෙනග නැහැ. වැරදි වැඩ කළාම මෙවැනි ප්‍රතිඵල ලැබෙනවා. අනුර කුමාර දිසානායක උන්නැහේ හිටපු කෘෂිකර්ම ඇමැති වෙලා හිටියා තමුන්නාන්සේ වෙල්ලස්සේ හදපු එක වැවක් කියන්න. හිටවපු එක පැළයක් ගැන කියන්න. අපිට ධර්මදාස බණ්ඩා මැතිතුමා කෘෂිකර්ම ඇමැතිකාලේ කරපුවා මතක් වෙනවා. අපිට මතක් වෙනවා රඹුටන් වගාව, ගම්මිරිස් වගාව, රබර් වගාවට කරපු සේවාව අතිවිශාලයි.

එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කළා සීනි සමාගම් තුනක්. සෙවණගල, පැල්වත්ත, සියඹලාණ්ඩුව යන තැන්වල. පැල්වත්තයි, සෙවණගලයි පටන් ගත්තා. සියඹලාණ්ඩුවට මොකද වුණේ ඉන්දියාවෙන් ආයෝජකයෝ ඇවිල්ලා පටන් ගත්තා. අනුර කුමාර දිසානායකලා මොනවද කළේ මොණරාගලට ආපු ආයෝජකයෝ තුන්දෙනාවයි ඉඩම් කොමසාරිස්වයි මරලා පිච්චුවා. ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ දිස්ත්‍රික්කයේ 600 මරලා තියෙනවා. අද අතීතයෙන් ගැලවෙන්න තමයි නම මාරු කරගෙන ඇවිත් ඉන්නේ. එන්.පී.පී. කියලා. මට මතකයි

කතරගම පෙරහැරේ ධර්මදාස බණ්ඩා ඇමැතිතුමත් යනවා මමත් හිටියා. මේ ජනතා විමුක්ති පෙරමුණේ කාලකණ්ණි පෙරහැරට බෝම්බ තුනක් ගැහුවා. 13 ක් එකතැන මැරුණා. දෙතුන්සීයක් තුවාල ලැබුවා. මම අහනවා කතරගම දෙයියන්ගේ අඩවියේ ඉඳලා කතරගම දෙවියන්ට බෝම්බ ගහපු මේ අනුර කුමාරලාට ඡන්දය දෙනවාද කියලා. තමුන්නාන්සේලාගේ සියලුම දේට එදා හිටියා වගේ අපි අදත් ඉන්නවා. දුරකතනය ඉදිරියේ ඡන්දය ලකුණු කර සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරවමු කියලා ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා

සැප්තැම්බර් 21 වැනිසා අපිට රටේ ඉරණම වෙනස් කරන තීරණය ගන්න සිදුවෙලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ

නායකත්වයෙන් යුතුය ඉදිරියට ගිහින් රට ලෝකයට එකතු කරලා නවීන ආර්ථිකයක් නිර්මාණය කරලා, තරුණ ප්‍රජාවට

රැකියා අවස්ථා ලබාදීලා හොදින් ජීවත් වෙන්න පුලුවන් රටක් නිර්මාණය කරන්න ඕන. එසේ නැත්නම් තිබෙන අනෙකුත් විකල්පවලට අපි ගියොත් රට තිබෙන තැනිනුත් පහළට වැටිලා නැති නාස්තිවෙලා යන ආර්ථිකයක් නිර්මාණය වෙන එකයි සිද්ධ වෙන්නේ. විවේචනයට වඩා අවශ්‍ය වෙන්නේ වැඩපිළිවෙළ. අපි අපේ වැඩපිළිවෙළ රටේ සියලු දෙනාට ඉදිරිපත් කරලා තිබෙනවා. කෙටි කාලින මධ්‍ය කාලින දීර්ඝ කාලිනව කාල රාමු සහිතව අපි අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා තිබෙනවා. ස්වාධීන විශ්ලේෂකයෝ විසින් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති විශ්ලේෂණය කරලා අදහස් ඉදිරිපත් කර තිබෙනවා. විශ්වවිද්‍යාලයට මහාචාර්යවරයෙක් කියලා තිබෙනවා කවුරු දින්නත් ක්‍රියාත්මක කළ යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළ කියලා. ඒ නිසා වෙන කවුරුත් නෙවෙයි සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙළ දිනවන්න සජිත් ප්‍රේමදාස ජනාධිපති කළ යුතුයි. වෙන කාටවත් සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බෑ. ඩිජිටල්කරණය හරහා දුෂණය නැති කිරීම පිළිබඳව, රටේ ආර්ථිකය තිරසර කිරීම පිළිබඳව, ආර්ථිකය වර්ධනය කරන්න කෘෂිකර්මයට කළ යුතු දේ පිළිබඳව, සේවා වලට කළ

යුතු දේ, කර්මාන්ත වලට කළ යුතු දේ පිළිබඳව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ජනතාවට දරිද්‍රතාවයෙන් ගොඩ එන්න මහ පොළවේ යථාර්තවාදීව ක්‍රියා කරන්න පුලුවන් වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න. අපිට නායකයෙක් ඉන්නවා ඒ නායකයාට කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමට වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වැඩපිළිවෙළට කාල රාමුවක් තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ ජනතා ආශිර්වාදය පමණයි. ඒ ආශිර්වාදයත් සමඟ සජිත් ප්‍රේමදාස ජනාධිපති සමග රට

ගොඩගෙන ජනතාවගේ ජීවත තත්ත්වය ඉහළ නංවන්න පොරොන්දු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. මේ. මරික්කාර් මහතා:

ජේ.වී.පි. කාරයෝ මොනවා කරත් අපිට කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ ඝාතනය කරපු එක ජනතාවට හොඳට මතකයි ජේ.වී.පී. කාරයින්ට කොළඹ ඉඩක් නෑ කියන්න මම කැමැතියි. අනුර කුමාර දවසක් කොටිකාවත්තට ආවා. සෙනග දෙසීයකට වැඩිය හිටියේ නැහැ. මුස්ලිම් එකමුතුව කියලා එකක් තියන්න ආවා. පනහක්වත් නෑ. අපි කොළඹ ආසියාවේ ප්‍රධානතම වාණිජ නගරයක් බවට පත් කරනවා. අධ්‍යාපනය පැත්තෙන් මෙහි තිබෙන පාසල් ප්‍රතිසංස්කරණය කොට ජාතික පාසල් බවට පත්කරනවා. ත්‍රිරෝද රථ රියැදුරාගේ

පුතාව විශ්වවිද්‍යාලයට යන වාතාවරණය සකස් කරනවා. වර්ෂා කාලයට මෙහි බහුල වශයෙන් ගංවතුර උවදුරට මුහුණ දුන් ජනතාවක් ඉන්නේ. මේ වනවිට එය හුඟක් දුරට පාලනය කරලා තිබෙන්නේ. 21 වැනිදා දිනලා ආණ්ඩුව පිහිට වූ වහාම වැහි වතුර ගංවතුර සම්පූර්ණයෙන්ම පාලනය කරනවා කියලා මා කියනවා.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT