Local

මැදපෙරදිග කලාපයේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කරගැනීම​ට ආරාධනයක් ලැබී තිබෙනවා - ජනපති

Monday, 20 January 2025 - 6:01 pm

ජනතාවාදී පාලනයක් ගොඩනැගීම වෙනුවෙන් කැපවූ ජනතාවට පෙරළා සේවය කිරීම ආණ්ඩුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව පසුගිය මාස දෙකක කාලය තුළ ආර්ථික ස්ථාවරභාවය සාදා ගැනීම, ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම හා රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් ලෙස ආණ්ඩුව යටතට ගැනීමට හැකි වූ බවයි ඊයේ (19) කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
අමාත්‍යවරුන් විසින් භාවිතා කරන ලද සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර එම මුදල් භාණ්ඩාගාරය​ට ලබාගන්නා බවද, වරප්‍රසාද අහිමි වී කෙඳිරිගාන කණ්ඩායම්වලට තවත් දශක එකහමාරක් පමණ යන තෙක් කෙඳිරි ගාමින් සිටීමට සිදුවන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ජාතික ජන බලවේග ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා නොදෙන බවත්, මාස දෙකක් තුළ රටේ දේශපාලනය තුළ නව පරිවර්තනයක් ඇති කිරීමට කටයුතු කරමින් ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
විදුලිබල මණ්ඩලය හා ඉන්දියානු සමාගමක් එක්ව සාම්පූර් ප්‍රදේශයේ විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ආයෝජනයක් සිදු කිරීමටත්, විදුලි ඒකකයක් කලින් එකඟවූ ඩොලර් ශත 07 ක මුදල වෙනුවට ඩොලර් ශත 5.97 ක් දක්වා අඩු කර ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කළ බවට සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61 ක් සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව එක්ව සමාගමක් පිහිටුවා ලෝක වෙළඳපොළ සඳහා තෙල් අලෙවි කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා මේ වන විට ක්‍රියාත්මක බවයි.
චීනයෙන් රුපියල් මිලියන 20,000 ක ආධාරයක් ලැබුණු බවත්, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට වඩා පහසුකම්වලින් සමන්විත නව සම්මන්ත්‍රණ ශාලාවක් කොළඹ වරාය නගරයේ ඉදි කිරීම සඳහා නොමිලේ ආධාරයක් ලබාදීමට ද චීනය එකඟතාව පළකර ඇති බවට සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මැදපෙරදිග කලාපයේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා ආරාධනයක් ද ලැබී ඇති බවයි. 
තමන් විසින් භාරගත්තේ පතුලටම වැටුණු රටක් බවත්, යළි එවැනි තත්ත්වයක් උදා වීමට ජාතික ජන බලවේග ආණ්ඩුව ඉඩ නොතබන බවත්, පියවරෙන් පියවර රට ගොඩ ගැනීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT