Local

කටුනායක ගුවන් තොටුපළ දැක බලාගත් පොඩි හමුදුරුවෝ

Thursday, 22 August 2024 - 6:36 pm

කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා 60 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ නැරඹීම සඳහා අද (22) එක් වී තිබිණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ස්ථාපිත කර එළඹෙන සැප්තැම්බර් මස 01 දිනට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් මෙම අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව හිමි කර දීමට කටයුතු කර ඇත.

මේ සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ද අනුග්‍රහය දක්වා තිබුණි .

ජාතියේ අනාගත භික්ෂු පරපුර මෙම සාමනේර භික්ෂූන් වහන්සේලා ගෙන් ආරම්භ වන හෙයින් උන්වහන්සේලාට රටේ ප්‍රධාන  ආර්ථික මර්මස්ථානයක් වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දැන හදුනා ගැනීමට අවස්ථාව ලබා දීම ඉතා වටිනා කර්තව්‍යයක් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

මෙම වැඩසටහන සදහා වාද්දුව , දෙල්දූව පුරාණ විහාරස්ථානයේ වැඩවාසය කරන වයස අවුරුදු 05 – 20 ත් අතර පසුවන සාමනේර භික්ෂූන් වහන්සේලා 60 නමක් පැමිණ සහභාගී වී සිටියහ .

මෙම භික්ෂූන් වහන්සේලා කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය , රේගු පරිශ්‍රය , ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය , ගුවන් යානා අංගන මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළට පිවිස එහි සියලුම ක්‍රියාකාරිත්වයන් ද සවිස්තරාත්මකව දැන ගැනීමට අවස්ථාව උදා කර දී තිබුණි .

මෙවැනි අත්දැකීමක් ගුවන් ගමනක යෙදෙන ගුවන් මගියෙකුට හැර වෙනත් පුද්ගලයෙකුට ලබා ගත නොහැකි වීම විශේෂත්වයකි .

මෙම භික්ෂූන් වහන්සේලාට කටුනායක ගුවන් තොටුපොළ සේද මාවත පර්යන්තයේ දී දහවල් දානය පිරිනැමීමට ද මෙම වැඩසටහනේ සංවිධායකවරුන් පියවර ගෙන තිබුණි .


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT