Local

අයි.එම්.එෆ්. එරෙහි වැඩපිළිවෙළක් ඇත්තේ කුඩය ලකුණෙන් එන අපට විතරයි – ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ

Wednesday, 18 September 2024 - 1:04 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ ජනතාවගේ ජීවිත පල්ලෙහාට ඇද දමන ආයතනයක් බවත් ඔවුන්ගේ වැඩපිළිවෙළට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ජන අරගල සන්ධානය පමණක් බවත් එහි ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය.

තමාගේ ඡන්ද ලකුණ වන කුඩය ලකුණට ලබා දෙන සෑම ඡන්දයක්ම නියෝජනය කරන්නේ ජනතාවගේ ඇත්ත බලාපොරොත්තු යැයි ද හෙතෙම සඳහන් කළේය. ජන අරගල සන්ධානයේ හෝමාගම ජනරැලිය 16 දා අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී බෝපගේ මහතා මෙසේ ද කීවේය.

අව්ව වෙලාවට අපිට ආරක්ෂාවට තියෙන්නෙ කුඩය. වැස්ස වෙලාවට අපිව නොතෙමී තියන්නේ කුඩය. අන්න ඒ වගේ දරන්න බැරි බදු බරක් ඔබේ උරමත පැටවෙන වෙලාවක, අයි.එම්.එෆ්. කොන්දේසිවලින් ඔබේ අධ්‍යාපන අයිතිය, සෞඛ්‍ය අයිතිය අහිමි වෙන වෙලාවල, ඉන්දියාව ඇවිත් ජනතා දේපොළ කොල්ල කන වෙලාවක ඔබේ ආරක්ෂාවට ඉන්නේ ජන අරගල සන්ධානයේ කුඩය විතරයි.

දැන් මේ හෝමාගම ටවුන් එකේ උකස් බඩු ගන්න තැන් පිරිලා. මොකද්ද හේතුව? පහුගිය කාලේ රටේ බහුතරයක් ජනතාව තුන් වේල කෑවේ කනකර උකස් තියලා. දරුවා පාසලට යැව්වේ, ලෙඩ වුණාම බෙහෙත් ටික ගත්තේ කනකර උකස් තියලා. අදටත් මේ පාර දිගේ මූල්‍ය සමාගම් බලාගෙන ඉන්නවා ඒ අහිංසක ජනතාවගේ ජීවිත කොල්ල කන්න.

අපි ඔබෙන් අහන්නේ එකම එක දෙයයි. අද ඔබේ දරුවා ඉස්කෝලේ දි කලන්තෙ දාලා වැටෙන්න හේතුව මොකක් ද? ඔබට කනකර උකස් තියලා තුන් වේල කන්න හොයාගන්න වුණේ ඇයි? ඔබේ ගමේ රෝහලේ ඖෂධ ටික නැති වුණේ ඇයි? අපි කියනවා බහුජාතික සමාගම් ධන කුවේරයන් පෝෂණය කරන ඔබේ ජීවිත කොල්ල කන්න ඒ ධන කුවේරයන්ට අවස්ථාව සලසන අයි.එම්.එෆ්. කොන්දේසි තමයි අද ඔබේ ජීවිතවලට ඇති වෙලා තියෙන මේ තත්ත්වයට වග කියන්න ඕන.

අයි.එම්.එෆ්. එරෙහි වැඩපිළිවෙළක් ඇත්තේ කුඩය ලකුණෙන් එන අපට විතරයි - ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ

අපි දැක්කා පහුගිය කාලේ ඉන්දියාව අපේ රටේ වරායවල් ටික ගුවන්තොටුපළ කොල්ලකන්න කරපු මැදිහත් වීම. ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික පවරගන්න බලාගෙන ඉන්නේ. ත්‍රිකුණාමල නගරයම ඉන්දියාවට පවරගන්න බලාගෙන ඉන්නේ. උතුරේ ප්‍රධාන දූපත් දෙකක් සුළං විදුලි බලාගාරයක් හදන්න කියලා අදානිට පවරන්න බලාගෙන ඉන්නේ. ඒක නිසා අපි කියනවා ඒ ඉන්දියානු මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරන එකම වැඩපිළිවෙළ අපි සතුව තමයි තියෙන්නෙ. ඉන්දියානු මැදිහත්වීම් පරාජය කරන්න කොන්දේසි විරහිතව මැදිහත් වෙන්නේ ජන අරගල සන්ධානය විතරයි.

මේ සැප්තැම්බර් 21 ජනතාව කතිරය ගහන්නේ ඔය පාලකයෝ දිනවන්න නෙමෙයි. අයි.එම්.එෆ් එකට එරෙහි වැඩපිළිවෙළ තමයි දිනවන්නේ. ඉන්දියානු ඇමරිකානු අතපෙවීම්ව්ලට එරෙහි වැඩපිළිවෙළ තමයි දිනවන්නේ. මේ කොල්ලකාරී ආර්ථිකයට එරෙහිව සමාජවාදී වැඩපිළිවෙළ තමයි අපි දිනවන්නේ. ඒ නිසා කුඩය ලකුණ ජයග්‍රහණය කරවන්න ඔබ දෙන හැම ඡන්දයක්ම මේ රටේ ජනතාව දිනවන්න දෙන ඡන්දයක්.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT