Local

පාස්පෝට් තදබදය තාවකාලිකව විසඳෙයි

Wednesday, 28 August 2024 - 10:08 pm

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට දින කිහිපයක් මුළුල්ලේ දිගු පෝලිම් දක්නට ලැබුණි.

දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් බලපත්‍ර නිකුත් කිරීම සීමාවීමත් සමග මෙම තත්ත්වය නිර්මාණය විය.

කෙසේවෙතත් දිනකට බලපත් 1,000ක් නිකුත් කිරීමට බලධාරීන් අද (28) සිට පියවර ගත්තේය.

ඒ පැමිණෙන පිළිවෙළ අනුව ගමන් බලපත්‍ර 750ක් සහ විදෙස් රටවල සිට ඉල්ලුම් කරන අය සඳහා 250ක් ලෙසය.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදෙන තෙක් ඔක්තෝබර් මාසය දක්වා මෙම තත්ත්වය පවතිනු ඇති බැවින් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර අයදුම් කරන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය. 

මෙවන් පසුබිමක නව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ අරමුණෙන් ආගමන විගමන ප්‍රධාන කාර්යාලය අසල රැඳී සිටින පිරිස් ඊයේ (27) රාත්‍රිය ද එම ස්ථානයේම ගත කර තිබුණි.

පසුව පොලීසියේ ද මැදිහත්වීමෙන් මෙලෙස රැඳීසිටින පිරිස් වෙත ටෝකන් අංක ලබාදීමට ඊයේ රාත්‍රියේ පියවර ගෙන තිබුණි.

ඒ අනුව අද දවසේ සේවා ලබාගත් ජනතාව සඳහන් කළේ, 

'දින 3ක් මේ වෙනුවෙන් රස්තියාදු වුණා. ඇත්තමට අද දවස ගැන සතුටුයි. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. අද හරි පිළිවෙළටම වැඩේ වුණා.'

මෙම ටෝකන් ක්‍රමවේදය අනුව ඉදිරි දින කිහිපයේදී ද නව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් වේලාවක් වෙන්කර දීම සිදුවෙයි.

ඒ අනුව අප වාර්තාකරුවන් සඳහන් කළේ අද පස්වරුවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට විශාල වශයෙන් ජනතාව රැඳීසිටින ආකාරයක් දක්නට නොලැබුණු බවය. 


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT