විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජතාන්ත්‍රික උත්සාහයන්හි වැදගත්කම අමාත්‍යවරයා විසින් ඉරාන තානාපතිවරයාට අවධාරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම එහිදී ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා වූ බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ X පණිවිඩය පහතින්.