Local

අපි හිතන තරම් පහසුවෙන් රාජ්‍ය පරිපාලනයේ දී තීරණ ගන්න බැහැ

Wednesday, 17 January 2024 - 10:44 am

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිලධාරීන් සමඟ අම්පාර ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිවි. වීරසිංහ, තිලක් රාජපක්ෂ මේ අවස්ථාවට සහභාගී වූහ.

අපි හිතන තරම් පහසුවෙන් රාජ්‍ය පරිපාලනයේ තීරණ ගන්න බැරි බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අම්පාර ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පෙරේදා (15) සඳහන් කළේය.

එම සංචාරයේදී සේවකයන් මුහුණ දෙන ගැටලු හා ඩිපෝවේ ඇති අඩුපාඩු සොයා බැලූ ඇමැතිවරයා සේවකයන් හා සුහද පිළිසඳරකට ද එක්විය.

ටයර් හා අමතර කොටස්වල ඇති හිඟය හා ධාවනයෙන් ඉවත් කරන ලද බස් නැවත යථා තත්ත්වයට පත් කිරීමට අලුත් එන්ජින් කිහිපයක අවශ්‍යතාව පිළිබඳ ඔවුන් ඇමැතිවරයාව දැනුම්වත් කළේය.

මිල දී ගන්නා සමහර අමතර කොටස්වල ප්‍රමිතිය පිළිබඳ ගැටලු ඇති බවද මෙහිදී පැවසීය. එම අවස්ථාවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගත් ඇමැතිවරයා අමතර කොටස් මිල දී ගැනීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් ඒ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදී.

ඩිපෝවට අයත් ඉඩමෙන් පාවිච්චියට නොගන්නා කොටසක් පෞද්ගලික අංශය හා එක්ව සංවර්ධනය කර ආදායම් ඉපදවිය හැකි වැඩපිළිවෙළකට යෑමේ වැදගත්කම ද මෙහිදී ඇමැතිවරයා පෙන්වා දෙන ලදි.

මම මෙම අමාත්‍යාංශය භාර ගන්න අවස්ථාවේදී ඩිපෝවල වැටුප් ගෙවා ගන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. දැන් ඩිපෝ සියල්ලම හොඳ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අලුත් බස් රථ ප්‍රමාණයක් ඩිපෝවලට ලබා දීලා තියෙනවා. මේ තියෙන ආර්ථික හා විදේශ විනිමය අර්බුදය තුළ එන්ජින් ලබා ගැනීමට විදේශ විනිමය නැහැ. ඒත් මේ අවුරුද්ද තුළ කොහොම හරි ඒවාත් ලබා ගෙන අලුත් බස් රථ ප්‍රමාණයක් දුර ගමන් සඳහා ඩිපෝවලට ලබා දීලා 2025 වර්ෂය තුළ දී ඩිපෝව ලාභ ලබන කාර්යක්ෂම හොඳ ඩිපෝවක් බවට පත්කරනවා. ගිය වර්ෂයේ හොඳම ඩිපෝව බවට පත් වුණේ පොලොන්නරුව ඩිපෝවයි. අනුරාධපුර දිස්ත්‍රික්කය තමයි හොඳම පරිපාලන දිස්ත්‍රික්කය බවට පත් වුණේ. අම්පාරටත් ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන් යැයි මෙහිදී ඇමැතිවරයා සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකටද ඇමැතිවරයා පිළිතුරු ලබා දුන්නේය.

ප්‍රශ්නය – අමතර කොටස් මිල දී ගැනීම සඳහා විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවාද ?.

ඇමැතිවරයා – විධිමත් ක්‍රමයක් තියෙනවා. දීර්ඝ කාලයක් පුරුදු වෙච්ච ක්‍රමය වෙනස් කරල අපි අලුත් ක්‍රමයක් හඳුන්වා දීලා ටෙන්ඩර් කැඳවලා ලංගමට ටයර් ලබා ගෙන ටයරයක් පැවති මිලට වඩා රුපියල් 9000කට අඩුවෙන් දුන්නා. මම ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයටම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තියෙනවා රුපියල් 9000ක් අඩුවට ටයර් ගත්තට. ඒ නිසා හිතෙන තරම් උත්තර ලේසි නැහැ. ඒ නිසා ඒ සඳහා ක්‍රමවේදයක් හදනවා.

ප්‍රශ්නය – අලුත් ටිකට්පත් සඳහා මැෂින් හඳුන්වාදීම ප්‍රමාද ඇයි ?

ඇමැතිවරයා – අපි හිතන තරම් ලේසියෙන් රාජ්‍ය පරිපාලනයේ තීරණ ගන්න බැහැ. ඒවට කමිටු දාලා කමිටුවල තීරණ ඇවිල්ලා එහෙම කරන්න බැරිවෙච්ච ඒවා තියෙනවා. දැනට බස් රථ දාසයක් ගෙනල්ලා අවුරුද්දක් වෙනවා. ඒවට ගෙවීම් කරලා පාරේ දුවන තත්ත්වයට පත් කරන්න තවම බැරිවෙලා තියෙනවා. රාජ්‍ය පරිපාලනයේ ආණ්ඩුවට අවශ්‍ය දේ එලෙසින්ම කරන්න බැහැ. ඒවායේ තියෙන රෙගුලාසි හා විධිවිධාන අනුව තමයි කටයුතු කරන්න ඕනෑ. ඒ නිසා ඒවායේ පමාවක් නැති කරගෙන කටයුතු කරන්න ඕනෑ.

ඒ විශේෂ ක්‍රම හඳුන්නා දෙන හැම වේලාවකම මාධ්‍ය සමඟ වෙනස් සටනක් කළ යුතුයි. බොහොම අමාරුවෙන් ඉන්දියාවට කතා කරල මම පෞද්ගලිකව ලියලා බිලියන 16ක් වටිනා එන්ජින් 20ක් ලබා ගන්න කටයුතු කළා. ඒවා බලන්න ඉන්ජිනේරුවන් 5 දෙනෙකු යැවුවාම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මාධ්‍යයේ පළ කරනවා නිකන් ලැබිච්ච එන්ජින් බලන්න 65 දෙනකු ඉන්දියාවට යයි කියලා. ඒ නිසා මේවත් එක්ක තමයි වැඩ කරන්න ඕනෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්. වීරසිංහ, තිලක් රාජපක්ෂ, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම, ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු නැඟෙනහිර ප්‍රාදේශීය කළමනාකරු විජිත ධර්මසේන, අම්පාර ඩිපෝ කළමනාකරු තුසිත සිරිවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.


Top Stories
wedivistara

සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝ​ෂ පිළිබඳව සොයා බලනවා - විභාග දෙපාර්තමේන්තුව

wedivistara

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් අපේ ණය බර ඩොලර් බිලියන 17කින් අඩු කරගත හැකියි - අලි සබ්රි

wedivistara

ශ්‍රී ලංකා පිරිමි T20 ලෝක කුසලාන කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය අමුල් කිරි සමාගමට

wedivistara

2024 ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අවසන්

wedivistara

ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් රිට් ආඥාවක්

wedivistara

විදුලි සංදේශ නියාමන පනත් සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

Trending
wedivistara

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

wedivistara

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

wedivistara

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර


NEWS ALERT