Local

මාර්තු 15 වනදා විනාඩි 05 ක් වැයකර සත්ත්ව සංගණනයට සහාය වන්න - කෘෂිකර්ම අමාත්‍යාංශ​ය

Monday, 03 March 2025 - 6:45 pm

මාර්තු 15 වනදා සත්ත්ව සංගණනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මාර්තු 15 වනදා උදෑසන 8.00 සිට 8.05 දක්වා විනාඩි 05 ක කාලයක් තුළ මෙම විද්‍යාත්මක සත්ත්ව සංගණනය සිදුකරන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

සත්ව කාණ්ඩ 4 ක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බවත්, ඒ අනුව රිළවා, වඳුරා, මොණරා සහ දඬුලේනා යන සත්ත්වයන් මෙහිදී සංගණනයට ලක් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් දිස්නා රත්නසිංහ සඳහන් කළේ.

මේ අනු​​ව ප්‍රදේශ​යේ ග්‍රාම නිලධාරීවරයා විසින් සියළුම නිවාස හිමියන් වෙ​ත පත්‍රිකාවක් ලබාදෙනු ඇති බවත්, අදාළ විනාඩි 05ක කාලය තුළ තමන්ගේ ගෙවත්තේ අදාළ සත්ත්ව වර්ග 4 කොපමණ ප්‍රමාණයක් සිටිනවාද යන්න එහි සටහන් කළ යුතු බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (කෘෂි තාක්ෂණ) තනුජ හේමන්ත අමරසිංහ සඳහන් කළේ.

මෙහිදී පොදු ස්ථානවල සිටින සතුන් සංගණනය සඳහා ග්‍රාම නිලධාරීවරයා විසින් අදාල පුද්ගලයෙක් පත්කළ යුතු බවත්, තේ වතු ආදිය සඳහා මුළු බිම් ප්‍රමාණය කොටස් ලෙසට බෙදා අදාල වතු අධිකාරී විසින් එක් එක් කොටසකට අදාළ අයෙක් පත්කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. 

විනාඩි 05 ක කාලයක් සළකා ඇත්තේ ද්විත්ව සංගණනය වැලැක්වීමට බවත්, මෙම ක්‍රියාවලිය විද්‍යාත්මකව පිළිගත් ක්‍රමවේදයක් අනුව සිදුකරන බවත් අදාල නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට සහාය වන ලෙසයි ඔවුන් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ. 


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT