Local

හරීන් CIDයට

Friday, 22 November 2024 - 8:49 pm

ප්‍රශ්නගත එන්නත් මිලදීගැනීමේ සිද්ධියට එවක කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවට තමන් විශ්වාස නොකරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට අද (22) පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 11 වැනිදා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවට අවසරදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 01 හමුවේ පෙනීසිටින ලෙස හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග සහ හරීන් ප්‍රනාන්දු වෙත විමර්ශන දැනුම් දී තිබුණි.

ඉන් හරීන් ප්‍රනාන්දු හැර සෙසු පිරිස ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබාදුන් අතර, හරීන් ප්‍රනාන්දු අද දිනයේදී ඒ වෙත පැමිණියේය.

එහිදී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් මෙම ප්‍රශ්නගත එන්නත් මිලදීගැනීමේ සිද්ධියට එවක කැබිනට් මණ්ඩලය වගකිව යුතුදැයි විමසා සිටියේය.

'මම විශ්වාස කරන්නේ නැහැ. මොකද කැබිනට්ටුවේ දවසකට පත්‍රිකා අඩුමගානේ 60ක්, 70ක් දානවා. සාමාන්‍යයෙන් ඒ අමාත්‍යංශවල ලේකම්වරු තමයි ඒවා හදලා ඉදිරිපත් කරන්නේ. අමාත්‍යවරයා ඒක කැබිනට් එකට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරපුවාම මුදල් අමාත්‍යංශය නිර්දේශ කරනවා. ඕක තමයි සාමාන්‍ය දේ. මේක මේ ලංකා ඉතිහාසයේ කවදාවත් වෙලා නැති දෙයක්නේ. කෙසේ නමුත් අධිකරණයට ගෞරව කරලා අපි දන්න දේ කියන්න බලාපොරොත්තු වෙනවා'.



Top Stories
wedivistara

මහනුවර රෝහලේ ගොඩනැගිලි පින්තාරු කළ 71 වියැති පුද්ගලයෙක් ඇද වැටී මරුට

wedivistara

නීතිවිරෝධීව කුළුබඩු සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන ආ සැකකරුවන් 04ක් අත්අඩංගුවට

wedivistara

ජගත් මනුවර්ණ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස පත්වෙයි.

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ශ්‍රී ලාංකිිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

Trending
wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ


NEWS ALERT