Local

අලුතින් ආ ඉන්දීය මහ කොමසාරිස් ගංගාරාමයේ දී කළ ප්‍රාර්ථනාව

Tuesday, 16 January 2024 - 6:47 pm

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාවගේ නිරෝගීභාවය, සාමය සහ සෞභාග්‍යය සහ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය උදෙසා ප්‍රාර්ථනා කිරීම සඳහා අද (16) උදෑසන කොළඹ ගංගාරාම විහාරස්ථානය වැඳපුදා ගත්තේය.

මහ කොමසාරිස්තුමාගේ භාර්යාව වන තනූජා ජා මහත්මිය ද මෙම අවස්ථාවට එක් විය.

ගංගාරාම විහාරයේ උප විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් විසින් මහ කොමසාරිස්වරයා පිළිගන්නා ලදී.

අග්‍රාමාත්‍ය මෝදි, 2017 වසරේදී ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් සමාරම්භ කිරීම සඳහා ගංගාරාම විහාරයට පැමිණි අවස්ථාව අස්සජි හිමියන් විසින් සිහිපත් කරන ලදී. අස්සජි හිමියන් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ භූමිය වන ඉන්දියාවේ ඉගෙන ගන්නා සමයේ උගත් දෑ ද බෙදාහදා ගත් අතර දෙරට අතර ශිෂ්ටාචාරමය බැඳීම්වල වැදගත්කම ද අවධාරණය කළේය. විහාරස්ථානයේ විශේෂ පූජාවක් පැවැත්වූ උන්වහන්සේ මහ කොමසාරිස්තුමාගේ සහ එම මහත්මියගේ සුරතෙහි පිරිත් නූල් බඳිමින් ආශිර්වාද කළේය.

විශේෂයෙන්ම ගැඹුරු ශිෂ්ටාචාරමය, ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික බැඳීම් ඇතුළු දෙරට අතර පවතින විවිධ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය නායකත්වයේ කැපවීම මහ කොමසාරිස්තුමා අවධාරණය කළේය. ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා භික්ෂූන් වහන්සේලාට ශිෂ්‍යත්ව ලබාදීම සහ ඇමරිකානු ඩොලර් මිලියන 10ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ආගමික ස්ථාන සූර්ය බලයෙන් බලගැන්වීම සඳහා මෑතකදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම වැනි දෙරට අතර බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ වන විට සිදු කරනු ලබන විවිධ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් මහ කොමසාරිස්තුමා අස්සජි හිමියන් සමඟ සාකච්ඡාවක ද නිරත විය.

ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය අනුව ජනතාව කේන්ද්‍රස්ථානයේ තබා ගනිමින් ශ්‍රී ලංකාව සමඟ සියලු ආකාරයේ සහයෝගීතාවයන් වඩා ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාවේ දැඩි කැපවීම මහ කොමසාරිස්තුමා විසින් අවධාරණය කළේය.


Top Stories
wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT