හිටපු රාජ්ය ඇමති ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් නිවසක තිබියදී ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.
මිරිහාන ඇඹුල්දෙණිට ශාලාව ප්රදේශයේ තෙමහල් නිවසක ගරාජයක සඟවා තිබියදී පොලිසියට ලද තොරතුරක් මත මෙම මෝටර් රථය සොයාගෙන ඇත.
මේ පිළිබඳව හිටපු අමාත්යාවරයාගෙන් හා ඔහුගේ බිරිඳගෙන් පොලිසිය ප්රකාශයක් ලබාගෙන තිබේ.
මීට දින කිහිපයකට පෙර වෙඩි තැබීමකින් මිය ගිය හිටපු රාජ්ය ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් මෙම මෝටර් රථය එම නිවසට මීට සති කිහිපයකට පෙර ගෙනත් දමා තිබූ බව එහිදී හෙලිව ඇත.
එම මෝටර් රථයේ යතුර කිසිවක් නොතිබූ හෙයින් වෙනත් වාහනයක් ගෙන්වා එය පටවාගෙන මිරිහාන පොලිසියට ගෙන ගොස් තිබේ.