Local

පාසල් සිසුන් 35,000කට ජනපති මන්දිරයේ දොරටු විවර වෙයි

Monday, 26 August 2024 - 8:33 am

පාසල් දරුවන් 35,000ක පමණ පිරිසකට පසුගිය වසර දෙකේ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහ බැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුලුන ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ මෙතරම් විශාල සිසු පිරිසකට මෙවැනි අවස්ථාවක් හිමි වූයේ ඉතිහාසයේ පළමු වරට බවයි.

සිසු දරු දැරියන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය නැරඹීමට පැමිණෙන බොහෝ අවස්ථාවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම කාර්යබහුල සහ වගකීම් සහගත කැප කිරීම් මධ්‍යයේ වුවත් සිසුන් සමඟ සුහද පිළිසඳරක යෙදීමට කටයුතු කරන්නේ, ඔවුන්ගේ ජීවිතයේ අමතක නොවන හා ප්‍රබෝධමත් දිනයක් සනිටුහන් කරමිනි. මේ අවස්ථාවලදී පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ප්‍රෞඪ ඉතිහාසය සහ පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශනය පිළිබඳව ජනාධිපතිවරයා සිසු දරු දැරියන් දැනුම්වත් කිරීමට කටයුතු කරන අතර, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලීමටත්, විශේෂයෙන් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමටත් අමතක නොකරයි. රටේ අනාගත පරපුරට අමතක නොවන සහ ප්‍රබෝධමත් දිනයක් සනිටුහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාල සංචාරය අවසන් වන්නේ ජනාධිපතිවරයාගේ සහ සිසුන්ගේ සමූහ ඡායාරූපයකිනි.

මෙන්ම ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි මේ වන විට පාසල් රැසක ශිෂ්‍ය පාර්ලිමේන්තු සහ යොවුන් පාර්ලිමේන්තු සැසි ගණනාවක් පවත්වා තිබේ. සිසු දරු දැරියන්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වේදිකාවක් නිර්මාණය කරමින්, විවිධ පාසල්වල සමාරම්භක ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාර ඓතිහාසික පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වීමට අවස්ථාව සලසා දී ඇත. අපේ අනාගත පරපුර තම නායකත්ව ගුණාංග, එකමුතුකම, සහයෝගීතාව වර්ධනය කිරීමට සහ පුරවැසියන් සමඟ පාර්ලිමේන්තුව එකිනෙකාට සමීප කිරීමේ අරමුණින් ශිෂ්‍ය පාර්ලිමේන්තු පවත්වනු ලැබේ.

මේ සංකල්පයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස දීපව්‍යාප්ත ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් අතුරින් දක්ෂයන්ගෙන් සමන්විත ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව මේ වසරේ මාර්තු මස 26 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණයෙන් පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කළ මේ වැඩසටහනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව ද සහයෝගය දී තිබුණි.

කොළඹින් දුර බැහැර දුෂ්කර පළාත්වල පාසල්වල සිසුන් ඇතුළු දිවයින පුරා පාසල් 160කට අධික සංඛ්‍යාවක සිසුන් මේ වන විට මේ ක්ෂේත්‍ර චාරිකාවට සහභාගි වී තිබේ. මේ වැඩසටහන ඉදිරියට ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම නිවේදනයේ සඳහන්ය.


Top Stories
wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

wedivistara

රුපියල් කෝටි 02 ක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT