අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ, පස්සර, කන්ඳකැටිය, බදුල්ල, හපුතලේ, මීගහකිවුල, ඌව පරණගම සහ සොරෙණාතොට යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.