වැට් බද්ද ඉන්ධන සම්බන්ධයෙන් යම් බලපෑමක් ඇති කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව එම බලපෑම අවම කිරීම සඳහා ගත හැකි වෙනත් විකල්ප සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
එහි ප්‍රතිඵලයත් සමඟින් ජනවාරි මාසයේ දී ඉන්ධන මිල සංශෝධනය කිරීමට ද නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේවෙතත් විදුලි බිල සංශෝධනයට වැට් බද්දේ බලපෑමක් නැති බවත් ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනයෙන් ජනතාවට සහනයක් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
අදාළ නිවේදනය පහතින්.