Local

ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධයෙන් අපරාධ අනාවරණයට සම්මත මෙහෙයුම් පටිපාටියක්

Wednesday, 25 June 2025 - 2:04 pm

ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, හඳුනාගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් කාන්තා හා ළමා කාර්යාංශය, ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ විවිධ ඒකක, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් හා එක්ව 'ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, විමර්ශනය කිරිම සහ නඩු පැවරීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය' යනුවෙන් පුළුල් සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන කැබිනට් තීරණය පහතින්. news images


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT