Tech

Google සමාගම Playstore තුළ ඇති අක්‍රීය apps delete කරන බව දන්වයි

Friday, 02 August 2024 - 7:21 pm

දිරියේදී නිකුත් කිරීමට නියමිත Android 15 හි live threat detection නම් spam apps, permission අනවශ්‍ය ලෙස භාවිත කරන apps හදුනා ගැනීමට නව AI විශේෂාංගයක් හදුන්වා දීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම විශේෂාංගය PlayStore හි දැනටමත් ලබා ගත හැකි අනිෂ්ට යෙදවුම් (Malware) හඳුනා ගැනීමට සහ ඉවත් කිරීමට පමණක් උපකාරී වේ, ඒවා මුලින් upload කිරීම වැළැක්වීමට නොවේ.
එම නිසා 2024 අගෝස්තු මස අවසානය පමණ වන විට, එනම් අගෝස්තු 31 වන විට Google PlayStore තුළ අක්‍රීය තත්වයේ පවතින application ඉවත් කරන බව google සමාගම දන්වා සිටියා. 

අක්‍රීය තත්වයේ යනුවෙන් අදහස් වන්නේ,

1.Text හෝ pdf පමණක් අන්තර්ගත apps
2. ඉතා කුඩා අන්තර්ගතයක් සහිත apps
3. ක්‍රියාකාරී නොවන apps

මීට පෙරද Google Security Blog ට අනුව ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම සහ පරිශීලකයින්ගේ ආරක්ෂාව අවදානමට ලක් කිරීම හේතුවෙන් 2023 දී apps මිලියන 2.28 ක් පමණ සේවාවෙන් අවහිර කර ඇත. එපමණක් නොව, apps ඉදිරිපත් කිරීම් 200,000ක් පමණ ප්‍රතික්ෂේප ද විය. ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම් සහ වංචා සහ අනිෂ්ට මෘදුකාංග පිළිබඳ සැකය හේතුවෙන් 2023 දී google play account 333,000 ක් තහනම් කර ඇති බව google සමාගම වාර්තා කරනවා.
මෙම ඉවත් කිරීම් වලට අනුව Google ප්‍රතිපත්තිවලට අනුකූල නොවන download මිලියන ගණනි​න් ඇති apps පවා Google PlayStore තුළින් ඉවත් විය හැක. 2020 දී Google සමාගම විසින් එසේ ක්‍රියාකාරී වීමෙ ගැටලු හේතුවෙන් මිලියනයක් පමණ download කළ Mitron application එක Google PlayStore තුළින් ඉවත් කිරීමට කටයුතු කළා. සංවර්ධකයින්ට Google ප්‍රතිපත්ති වලට අනුකූල වීමට සති හයක කාලයක් ලබා දී ඇත.


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT