Local

ජනපති රනිල්ට ඇති පළපුරුද්ද ජාත්‍යන්තර සබඳතා වසර දෙකකදී ක්‍රියාවෙන්ම ඔප්පු කළා

Wednesday, 31 July 2024 - 12:46 pm

වත්මන් ජනපතිවරයාට තිබෙන පළපුරුද්ද සහ ජාත්‍යන්තර සබඳතා ඇති වෙනත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් නැති බවත් එය ඔහු වසර දෙකකදී ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා ප්‍රකාශ කළේය.

පොහොට්ටුව ඔවුන්ගේ අපේක්ෂකයෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරනවා කියන ප්‍රකාශයත් සමඟ තවදුරටත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා කියන චෝදනාව කරන්න ලැබෙන්නේ නැහැ. රනිල් රාජපක්ෂ කියා කරපු චෝදනාව අහෝසි වී ශුද්ධ සන්ධානයක් විදිහට ඉදිරියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ හැකියාව ජනපතිට ලැබෙන බවත් ඒ මහතා පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

මේ රට කඩා වැටුණු තැනින් වඩා හොඳ තැනකට ජනාධිපතිවරයා රැගෙන ඇවිත් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් අපට ලබා දුන් පණිවිඩය තමයි පළපුරුද්දක් නැති කෙනෙකුට ආණ්ඩුවක් කරන්න හැකියාවක් නැහැ කියන කාරණය. අඩුම තරමේ ප්‍රාදේශීය සභාවක හෝ පළාත් සභාවක හෝ පාර්ලිමේන්තුව නියෝජනය නොකළ කෙනෙක් ජනාධිපති ධුරයට පත්වීම කෙතරම් ඛේදනීය තත්ත්වයක් රටට ඇති කළා ද කියන එක අපි දැක්කා. අවසානයේ නාවික හමුදාවේ බෝට්ටුවකින් රටින් පලා යන්න වුණා. කිසිම දිනක වාහනයක් පදවා නැති කෙනෙකුට වාහනයක් පදින්න කිව්වොත් ඔහුට එය කර ගන්නට බැරිව යනවා. එය ඔහු පුහුණුවකින් තොරව සිදු කරන්න යෑමෙන් අනර්ථයක් සිදු වන්නේ. ඒ වගේම තමයි රාජ්‍යයක් පාලනය කරනවා කියන්නෙත් පළපුරුද්දක් දැනුමක් සහිතව කළ යුතු දෙයක්. වර්තමාන ජනාධිපතිවරයාට තිබෙන පළපුරුද්ද සහ ජාත්‍යන්තර සබඳතා ඉදිරිපත් වී සිටින කිසිම ජනාධිපතිවරණ අපේක්ෂකයකුට නෑ.

එය ඔහු වසර දෙකකදී ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. බංකොලොත් වුණු රාජ්‍යය බංකොලොත්භාවයෙන් මුදාගෙන තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව සිදු වී තිබෙනවා. ජපන් රජය මේ වන විට ඔවුන්ගේ ආධාර මත නවතා දැමූ ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා. 380 සහ 390 වැනි ඉහළ අගයක තිබුණු ඩොලරයේ අගය අද වන විට රුපියල් 300 මට්ටමට පත්වී තිබෙනවා. ඒ නිසා වෙනත් පළපුරුද්දක් නැති කෙනෙක් මේ රටේ බලයට ආවොත් මේ රට අරාජික වෙන එක නවත්තන්න බැහැ. පොලිස්පතිගේ පත්කිරීම පිළිබඳ යම්කිසි ප්‍රශ්නයක් පැන නැඟී තිබෙනවා. ඒ ගැන අගවිනිසුරු සහ පාර්ලිමේන්තුවේ කථානායක සාකච්ඡා කර විසඳුමකට පැමිණිය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිත්වය හිමිවන්නේ කථානායකවරයාට නිසා ඔහු මේ ගැන මූලිකත්වය ගෙන කටයුතු කළ යුතුයි. ජනාධිපතිවරයා වර්තමානයේ ඇප තැන්පත් කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිසා පත් කිරීම් සිදු කිරීමේදී ඔහුගේ මැදිහත්වීම යම්කිසි ආකාරයකට මැතිවරණ නීතිරීතිවලට බලපාන්න හැකියාව තිබෙනවා. ඒ වගේම පොහොට්ටුවේ බොහෝ පිරිසක් ජනාධිපතිවරයාට සහාය දෙනවා. බොහෝ වෙලාවට රට වට්ටන්න දායක වුණු පිරිස ඉතිරි වෙලා ඉතිරි පිරිස ජනාධිපතිවරයාට සහාය දැක්වීමෙන් ඉතා හොඳ පිරිසක් සමඟ ඉදිරියට යෑමට හැකියාව ලැබෙනවා. ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීම නිසා ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ඕනෑම පාර්ශ්වයකට හැකියාව තිබෙනවා යැයිද ඒ මහතා පැවසීය.

බණ්ඩාරගම ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ගිහාන් පෙරේරා මහතා – 1988 වර්ෂයේ සිට ශ්‍රීලනිපයත් සමඟ මම කටයුතු කර තිබෙනවා. 1997 වසරේ සිට බණ්ඩාරගම සහ මිල්ලනිය ප්‍රාදේශීය සභාව මම නියෝජනය කළා. බණ්ඩාරගම ආසනයේ ජ්‍යෙෂ්ඨතම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වන්නේ මමයි. මේ ජනාධිපතිවරණයත් සමඟ අපි පැහැදිලි තීන්දුවක් ගත යුතුව තිබෙනවා. ජනතාව යම්කිසි අවිනිශ්චිත බියකින් පසු වෙනවා. යම්හෙයකින් මේ ජනාධිපතිවරණයේදී නුසුදුස්සෙක් ජනාධිපති පුටුවට පත්වුවහොත් නැවතත් පෙර පැවැති තත්ත්වයට මේ රට පත්වේ යැයි කියන භියෙන් රනිල් මේ රට ක්‍රමයෙන් ගොඩ අරගෙන ඉදිරියට රැගෙන යනවා. ඒ නිසා මොන හේතුවක් මතවත් ඒ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ දිය යුතු නැහැ. ඒ නිසා මේ රටට අවශ්‍ය පුද්ගලයා පත් කිරීම වෙනුවෙන් මම අද සිට එජාපයේ සාමාජිකත්වය ලබාගෙන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනවා.

නෙත්මි පූජනී රත්නායක සහ මැද කොළඹ සමූහ- ආරියරත්න ගනේගොඩ


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT