Local

ගතානුගතික දේශපාලන කඳවුරෙන් නවීන දේශපාලන ව්‍යාපාරයක් අතට බලය ගන්න අවශ්‍යයි

Wednesday, 31 July 2024 - 12:47 pm

සෑම අතින්ම පොහොසත් රටක් නිර්මාණය කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බව පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ බැංකු සහ මූල්‍ය සංසදයේ මාතර දිස්ත්‍රික් සම්මන්ත්‍රණයේදීය. එය පසුගියදා (27) මාතර පර්ල් පැලස් හෝටලයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අනුර කුමාර මහතා මෙසේද පැවසීය.

දීර්ඝ කාලයක් අපි ඡන්ද පාවිච්චි කළා. ඡන්දය දෙනකොට, ආණ්ඩුවක් හදනකොට පුරවැසියන්ට තිබුණු අපේක්ෂා, බලාපොරොත්තු සාර්ථක වී තිබෙනවාද? අපේ රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුද දෙස බැලුවත්, සමාජයේ කඩා වැටීම් දෙස බැලුවත්, රාජ්‍ය සහ අනෙකුත් සෑම අංශයකම ඇති වී තිබෙන බිඳ වැටීම් දෙස බැලුවත් සිදුවී තිබෙන්නේ ඉදිරියට යෑම නොවෙයි. පසුපසට යෑමයි. අපි මේ ඉරණමෙන් ගොඩ එන්න ඕනෑ. ගොඩඑන්න නම් පළමුවෙන්ම දූෂිත, විනාශකාරී, දැක්මක් නැති පාලක කණ්ඩායම පළවා හරින්න ඕනෑ. ගතානුගතික දේශපාලන කඳවුරෙන් නවීන දේශපාලන ව්‍යාපාරයක් අතට බලය ගන්න අවශ්‍යයි. එයට හොඳම අවස්ථාව සැප්තැම්බර් 21 වැනි දින උදාවෙලා තිබෙනවා.

දකුණු කොරියාවේ වර්ධනය, වියට්නාමයේ වර්ධනය, ඉන්දියාවේ වර්ධනය අපි දකිමින් ඉන්නවා. මේ කලාපෙට මෝටර් රථ, ඖෂධ, ආහාර, බීජ නිෂ්පාදනය කරන ඉන්දියාව අපි දකිනවා. මේ රාජ්‍යයන් විසිවන සියවසේ ඇති වූ තාක්ෂණය හොඳින් උකහා ගෙන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ වගේම අපි දන්න කාලයේ අපේ රටට උදාවූ විනාශය අපි අත්විඳිමින් ඉන්නවා. අපි මේක වෙනස් කරන්න ඕනෑ. එහි ආරම්භක පියවර තමයි මේ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අතට බලය මාරු කර ගන්න ඕනෑ.

අපේ රටේ ආයතන කඩා වැටීමට භාජන වෙලා. මිනිසුන් අපේක්ෂා කළ වුවමනාවන් ඉටුවෙන පාර්ලිමේන්තුවක් පත්කළ යුතුයි.

විධායක බලය වෙනස් වෙන්න ඕනෑ. තනි පුද්ගලයෙකු මත අසීමිත බලයක් කේන්ද්‍රගත වෙලා තිබෙනවා. වංචාව, දූෂණය, නාස්තිය නතර කිරීම සඳහා නව නීති අපි ගේනවා.

අපේ ආර්ථිකයේ විශාල පරිවර්තනයක් අත්පත් කර ගන්න ඕනෑ. ආර්ථික පරිවර්තනය සඳහා අපට වෘත්තීමය ශ්‍රමය අවශ්‍යයි. අපේ ශ්‍රම බළකායෙන් වෘත්තීමය ශ්‍රමය 15%යි. 85%ක් තිබෙන්නේ පුහුණු, නුපුහුණු, අර්ධ පුහුණු විදිහට. උදාහරණයට බැංකුව මෙහෙයවීම සඳහා ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය තිබෙන බැංකු කළමනාකරුවෙක් නැත්නම්, සාමාන්‍ය සේවකයන්ගෙන් බැංකුව පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. ඒ නිසා “අපි මේ රටට අවශ්‍ය මිනිසෙක්” යන ආකල්පය හදන්න ඕනෙ.

ආර්ථිකය හදන්න අපට කළ හැකි දේවල් මොනවාද බැලිය යුතුයි. අපට ඛනිජ සම්පත් තිබෙනවා. ප්‍රාග්ධනය නැත්නම් අපි ප්‍රාග්ධනය කැඳවනවා. තාක්ෂණය නැත්නම් විදෙස් ආයෝජකයන් කැඳවන්න ලැහැස්තියි. ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය තුරන් කිරීම සඳහා ගමේ තිබෙන විභවතාවන් හඳුනා ගන්න ඕනෙ. අපේ රටේ පිහිටීම මත අපට හොඳ ආර්ථිකයකට යාමට හැකියාව තිබෙනවා. නාවික කර්මාන්තය සහ නාවික ප්‍රවාහනය පිළිබඳ අවධානය යොමුකොට තිබෙනවා. 2030දී ලෝකයට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්‍ය වෙනවා. ඒ ලෝකයේ ඉල්ලුම හැදෙන මිලියන 45න් යම් ප්‍රතිශතයක් අපි අත්පත් කර ගන්නේ කොහොමද යන්න අනුව මේ මානව සම්පත දියුණු කළ යුතු වෙනවා. දියුණු මානව ශ්‍රම වෙ‍ෙළඳපොළ අත්පත් කර ගැනීම ගැන අවධානය යොමු කර සැලසුම් සකස් කළ යුතු වෙනවා. ආහාර සුරක්ෂිතතාවයේදී කෘෂිකර්මාන්තය කෙරෙහි විශාල අවධානයක් යොමු කළ හැකි වෙනවා. මේ පැති කිහිපය ඉතා හොඳින් කළමනාකරණය කර මෙහෙය වුවහොත් ඉතා හොඳ ආර්ථික ප්‍රතිලාභවලට යාමට හැකියාව තිබෙනවා. සෑම අතින්ම පොහොසත් රටක්. ලෝකයේ පිළිගැනීමට භාජන වූ පොහොසත් රටක්, සමාජ ආකල්පවලින් පොහොසත් රටක්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමෙන් පොහොසත් රටක්, නිර්මාණය කිරීම තමයි අපේ අපේක්ෂාව. ඒ සඳහා එක්ව පොර බැදුවොත්, එක්ව මැදිහත් වුණොත් අපට මේ රට ගොඩනඟන්න පුළුවන්. අපට ඉතා හොඳ අවස්ථාවක් උදාවී තිබෙනවා. ඒ සඳහා මාවත විවෘත කරගන්න. ප්‍රතිගාමී කඳවුර පරාජයට පත් කළ යුතුයි. ප්‍රගතිශීලී කඳවුර ජයග්‍රහණය කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු.

උපාලි කරුණාරත්න සහ වජිර පූජිත ගුණවර්ධන – තෙලිජ්ජවිල සමූහ


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT