Business

සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් දෙවිනුවර ඇසළ පෙරහරට දැනුම්වත් කිරීම් පුවරු

Tuesday, 13 August 2024 - 1:13 pm

ශ්‍රී විෂ්ණු දෙවියන් මුල්කර ගනිමින් ශ්‍රී ලාංකීය බෞද්ධ හා හින්දු බැතිමතුන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට දෙවිනුවර ඇසළ පෙරහරේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින ගන්දර පොලිසියට එතෙක් අත්‍යවශ්‍යව පැවැති “වාහන නැවැත්වීම තහනම්” දැනුවත් කිරීම් පුවරු පරිත්‍යාග කිරීමට සියපත ෆිනෑන්ස් පීඑල්සී කටයුතු කොට තිබේ.

පංච තූර්ය නාදය පෙරටුකොට ගත් සාම්ප්‍රදායික නර්තන අංගයන්ගෙන් හා අලි ඇතුන්ගෙන් විචිත්‍රවත් වූ දෙවිනුවර ඇසළ පෙරහර නරඹන්නට දිවයිනේ නන්දෙසින් පැමිණෙන බැතිමතුන්ගේ වාහන තැනින් තැන නැවැත්වීමෙන් ඇතිවන තදබදය මගහරවාගැනීමට උපකාරීවන මෙම දැනුවත් කිරීම් පුවරු සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙනුවෙන් එහි මාතර ශාඛාවේ කළමනාකරු ජානක විපුල මහතා විසින් ගන්දර පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක දේශබන්ධු සේනාරත්න මහතා වෙත භාරදෙන ලදි.

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී 2005 වසරේ අරඹා ගතවූ වසර 19ක කාලය ඇතුළත නව්‍යකරණයෙන් පිරිපුන් මූල්‍ය සේවා සම්පාදනය කිරීමෙහිලා කීර්තියක් අත්කරගන්නට සමත්ව සිටියි. සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා පළපුරුදු

විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමඟ විශ්වසනීය හෘදයාංගම පාරිභෝගික සේවාවක් සපයමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්,  කෘෂිකර්මාන්තයේ නියැළි ගොවීන්, වගාකරුවන් මෙන්ම කෘෂි ව්‍යවසායකයන්,  ධීවර

කර්මාන්තයේ නියැළී සිටින්නන් සහ කාන්තා ව්‍යවසායිකාවන් යනාදී වශයෙන් දිරියෙන් නැඟී සිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත.


Top Stories
wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT