Local

සනත් නිශාන්ත මහතාගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

Thursday, 25 January 2024 - 10:58 pm

අද (25) උදෑසන සිදුවූ හදිසි රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 5.30 ට බොරැල්ලේ ජයරත්න මල්ශාලාවට රැගෙන ඒමට නියමිත බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

අනතුරුව දේහය හෙට (26) උදෑසන 10.30 ට පුත්තලමේ පිහිටි සනත් නිශාන්ත ඇමතිවරයාගේ නිවස වෙත රැගෙන යාමට නියමිත අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වැනි ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම්කර ඇති බවය.

අද අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණි.

සනත් නිශාන්ත මහතා මියයන විට 48 හැවිරිදි වියේ පසු වුණි.


Top Stories
wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

wedivistara

නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි

wedivistara

කොට්ටාවේ වෙඩි තැබීමක්

wedivistara

හැම එකම අපේ ඇඟේ ගහලා, ඇඟ බේරගන්න ගිහින්, දැන් පේනවනේ මැතිවරණ ප්‍රතිඵල - නාමල්

wedivistara

මන්ත්‍රී අර්ච්චුනා​ව පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කෙරේ

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT