Local

සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරුවන අන්දමින් දුම්රිය මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන්න

Thursday, 17 October 2024 - 3:36 pm

දුම්රිය මාර්ග සම්බන්ධ ව්‍යාපෘති දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරුවන අන්දමින් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා එහිදී පැවසුවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධව ද එහිදී විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම වරාය, ගුවන්තොටුපොළ, මහාමාර්ග සංවර්ධන කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීමෙහි ලා ඉතා වැදගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ව්‍යාපෘති විධිමත්ව සැලසුම් කිරීමෙන් ජාතික ආර්ථිකය නඟා සිටු විය හැකි බව ද ප්‍රකාශ කළා.

දැනට ආරම්භ කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පාරිසරික බලපෑම්, මූල්‍යමය බලපෑම්, ප්‍රජාවට සිදුවන බලපෑම් ද සැලකිල්ලට ගෙන අහිතකර බලපැම් අවම කර ගනිමින් කඩිනමින් ඒවා ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන්.


Top Stories
wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

wedivistara

රුපියල් කෝටි 02 ක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT