Local

ජනාධිපති ජනතාවට සහන දෙන්න ඇවිත් යළි පෝලිම් යුගයක් ඇති කරලා..

Sunday, 10 November 2024 - 9:28 am

වත්මන් ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු කඩ කළත් තමා ජනතාවට දුන් පොරොන්දු කඩකර නැතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එළැඹෙන මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා සමගි ජන බලවේග රජයක් පිහිටුවා ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට අනිවාර්යයෙන් විසඳුම් ලබාදීමට කැපවන බවද ඔහු සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයාට වේදිකාවක් වේදිකාවක් පාසා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වුවත් සමගි ජන බලවේගය පොරොන්දු කඩ නොකරන පක්ෂයක් බව ද හෙතෙම කොලොන්නාවේ පැවැති ජන හමුවක දී පැවසීය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ලැබුණම බදු බර, තෙල් මිල, විදුලි බිල අඩු කර රාජ්‍ය සේවයේ වැටුප් දීමනා වැඩි කරනවා කිව්වත් අද ඒ කිසිවක් ඉටු නොවු බවත් ඔහු සඳහන් කළේය.

ජනතාවට සහන දෙනවා වෙනුවට යළිත් පෝලිම් යුගයක් බිහි වී ඇති බවත් අද වන විට පාස්පෝට් පෝලිම හෝ අඩු වී නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිවරයා ඉන්ධන මිල සුත්‍රයේ වහලකු වී සුපිරි ධනපති පැළැන්තිය භාවිත කරන වාහනවල පමණක් තෙල් මිල අඩු කර ඇති බවත් සාමාන්‍ය ජනතාවට කිසිදු වාසියක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටිනවා කියන ජනාධිපතිවරයා අද ධනපති පන්තිය වෙනුවෙන් පෙනී සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිවරයා පවා මේ කරන්නේ රැවටිල්ලක් බවත් කියූ කිසි දෙයක් ඉටු නොකර ඇති ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා පවා අසාර්ථක බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රටත් ජනතාවත් අමාරුවේ දමා ගෙදර ගිය නිසා රටටත් ජනතාවටත් වාසිදායක ගිවිසුමක් ගෙන එන්න නම් සමගි ජන බලවේගය බලයට ආයුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.


Top Stories
wedivistara

විශ්වවිද්‍යාලවල හිංසන නැවතීමට ක්‍රමවේදයක් සකසන්න

wedivistara

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

wedivistara

කොළඹ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකථන අංකයක් හඳුන්වාදෙයි

wedivistara

සිසුවා ඇදවැටුණු සිසු සැරිය බස් රථ‍‍යේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම් කිරීමට පියවර

wedivistara

0.55% කින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි

wedivistara

රාගම බටුවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT