Local

නුවරඑළියේදී බස් රථයක් පෙරළී 23කට තුවාල

Saturday, 24 May 2025 - 2:52 pm

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඊයේ (23) රාත්‍රියේ අනතුරක් සිදුවුණා.

මෙම අනතුරෙන් තුවාල ලැබූ රියදුරු හා කොන්දොස්තර ඇතුළු පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවන් 20 දෙනෙකු ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගයින් 54 දෙනෙකු අදාළ බස් රථයේ ගමන්කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම බස් රථයේ ගමන්ගත් පිරිස විනෝද චාරිකාවක් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයට ගොස්, නැවත ආපසු යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පැවසෙන්නේ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT