Local

ජ්‍යේෂ්ඨ පුරවැසි බැංකු තැන්පතු සඳහා වූ විසඳුම් යෝජනා ඇතුළත් වාර්තාව ජනපති අතට

Saturday, 03 August 2024 - 11:42 am

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය සංශෝධනය කිරීම සඳහා වූ විසඳුම් යෝජනාවලිය ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද (03) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ බොහෝ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ තමන් විශ්‍රාම යාමේදී හිමි වූ පාරිතෝෂිකය හෝ බැංකු තැන්පතුව ආදියට ලැබෙන ස්ථාවර පොලිය බවයි.

ණය ලබාගත් පිරිස් විසින් පසුගිය වකවානුවේදී, රටේ බැංකු පොලී අනුපාතිකය අඩු කරන ලෙස වශයෙන් ඉල්ලීම් කළ බවත්, ඒ අනුව එම ණය පොලී අනුපාතය අඩු කිරීමේදී නැතැතින්ම සිදුවන පරිදි බැංකු ස්ථාවර තැන්පතු පොලී අනුපාතයද පහළ ගිය බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

මීට පෙර අවස්ථාවන්වලදී එවැනි තත්ත්වයක් ඇති වූ විට රජය යම් ප්‍රතිශතයක පොලී අනුපාතියක් එකතු කර ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ගෙවීමට කටයුතු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ ආකාරයෙන් බැංකු විසින් වැඩිපුර ගෙවූ පොලී සඳහා රුපියල් බිලියන 88 ක මුදලක් රජය විසින් බැංකු වෙත ගෙවිය යුතුව ඇති බවයි සඳහන් කළේ.

ඒ අනුව එක් පසෙකින් රුපියල් බිලියන 88 ක මුදලක් බැංකු වලට ගෙවීමට තිබියදී අනෙක් පසින් ගිණුම් හිමියන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් පොලී අනුපාතිකය අඩුවීමේ ගැටළුවට මුහුණ දී සිටින අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි භාණ්ඩාගාරයට මෙම ගැටළුවට ලබාදිය හැකි පිලිතුර සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදුන් බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.


Top Stories
wedivistara

හෙද සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන දෙකක් සිකුරාදා නිකුත් කෙරේ

wedivistara

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල පහක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

හරක් කටා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම ‍කෙරේ

wedivistara

නව සයිබර් ආරක්ෂණ සැලැස්මට කැබිනට් අනුමැතිය

wedivistara

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටුමකින් සිසුන් 04 ක් තුවාල ලබයි

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි


NEWS ALERT