Local

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

Sunday, 13 July 2025 - 8:40 pm

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දෙකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නකින් ඉදිකරමින් පැවති සංචාරක නිකේතනයක් මුළුමනින්ම විනාශ වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, පවතින වියළි කාලගුණික තත්ත්වයන් සහ තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර, ඒ හේතුවෙන් මෙම සංචාරක නිකේතනය ගිනිදැල්වලට හසුව විනාශයට පත්ව ඇති බවයි.

ඇතිවූ මෙම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු වී නොමැත.

බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ වන සංරක්ෂණ නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.


Top Stories
wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

බුලත් මිල ඉහළට

wedivistara

උතුරු මුහුදේ දී කේරළ ගංජා කිලෝ 38ක් නාවික හමුදා භාරයට

wedivistara

ආයුධයකින් පහරකෑ අයෙක් ජීවිතක්ෂයට

wedivistara

රාගම - බටුවත්තේ ඝාතනයට සැකකරුවෙකු අත්අඩංගුවට

wedivistara

රක්ෂිත ගිනි තැබීම් ගැන ආපදා කලමණාකරන මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක්

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට


NEWS ALERT