Local

ආයුධයකින් පහරකෑ අයෙක් ජීවිතක්ෂයට

Sunday, 13 July 2025 - 8:31 pm

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකර ඇතැයි කඹුරුපිටිය පොලිසිය පවසනවා. 

 
ඊයේ (12) රාත්‍රියේ වූ සිද්ධිය කඹුරුපිටිය, මාහේන ප්‍රදේශයෙන් වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ.  
ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 40ක යහලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 
 
තුවාලකරු වයස අවුරුදු 42ක අයෙකු වන අතර ඔහු කරපුටුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ. 
 
මරණකරු, තුවාලකරු ඇතුළු මිතුරන් කිහිප දෙනෙකු මත්පැන් සාදයක් පවත්වා තිබෙන බවයි පොලිසිය පවසන්නේ. 
 
එහිදී වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි දැනට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ. 
 
තුවාලකරු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, මෘත ශරීරය කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
 
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, කඹුරුපිටිය පොලිසිය විමර්ශන සිදුකරනවා.


Top Stories
wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

බුලත් මිල ඉහළට

wedivistara

උතුරු මුහුදේ දී කේරළ ගංජා කිලෝ 38ක් නාවික හමුදා භාරයට

wedivistara

ආයුධයකින් පහරකෑ අයෙක් ජීවිතක්ෂයට

wedivistara

රාගම - බටුවත්තේ ඝාතනයට සැකකරුවෙකු අත්අඩංගුවට

wedivistara

රක්ෂිත ගිනි තැබීම් ගැන ආපදා කලමණාකරන මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක්

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට


NEWS ALERT