International

එයාර් ඉන්දියා අනතුර එන්ජින් වලට ඉන්ධන සපයන ස්විචය ක්‍රියාවිරහිත කිරීම නිසා සිදුව ඇති බව හෙළිවෙයි

Saturday, 12 July 2025 - 7:19 pm

පසුගිය ජුනි මාසයේදී පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දියාවේ අහ්මදාබාද්හි සිදුවූ බිහිසුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් වන මූලික වාර්තාව එළි දක්වා තිබෙනවා.

අනතුරට ප්‍රධාන හේතුව යානයේ ඉන්ධන පාලන ස්විච්චය ක්‍රියාවිරහිත කිරීම නිසා එන්ජින්වලට ඉන්ධන සැපයීම නතරවීම බවයි අදාල විමර්ශන වාර්තාවට අනුව පැවසෙන්නේ.

අදාළ පරීක්ෂණ වාර්තාවට අනුව, එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විචයන් තත්පර 01ක කාල පරතරයකින් RUN සිට CUTOFF වෙත මාරු වී ඇති බවත්, නියමු කුටියේ පටිගත දත්ත අනුව 'RUN සිට CUTOFF වෙත මාරුකළේ ඇයි' දැයි එක් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් අසා ඇති බවත්, එහෙත් තමා එසේ නොකළ බව අනෙක් නියමුවා ඊට පිළිතුරු ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

යානය අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ Pilot flying ලෙස නියමු Clive Kunder ද Pilot Monitoring ලෙස නියමු Sumeet Sabharwal ද සිට ඇති අතර පටිගත වූ අදාල දෙබස කවුරුන් විසින් කාහට කියන ලද්දැක් දැයි තවමත් පැහැදිලි වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම පාලන ස්විචය ස්වංක්‍රියව ක්‍රියා නොකරන අතර, එය ගුවන් නියමුවන් විසින් සිදුකළ යුතු කාර්යයක් බවද, එලෙස ඉන්ධන ස්විචය අක්‍රිය වන්නේ අතිශය දුර්ලභ අවස්ථාවකදී බවද ගුවන් විශ්ලේෂකයන් පවසනවා.

පසුගිය ජුනි 12 වැනිදා ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් අනතුරට පත් යානය අහ්මදාබාද් ගුවන් තොටුපොළෙන් පිටත් වී සුළු මොහොතකට පසු වෛද්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩා වැටී අනතුරට ලක්වූ අතර, ඒ හේතුවෙන් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්වුණා.


Top Stories
wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

කොස්ගොඩ, වෙඩි තැබීම 'ෂාන් මල්ලි' - 'බාලේ' ගැටුමේ දිගුවක්

wedivistara

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම ගැන සමුළුව අනිද්දා ඇරඹෙයි

wedivistara

"භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි" - පශු වෛද්‍යවරු කියයි

wedivistara

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී - නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

Trending
wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

අමෙරිකානු ගායක් ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

wedivistara

ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි


NEWS ALERT