Local

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී - නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

Saturday, 12 July 2025 - 8:22 pm

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට එරෙහි චෝදනාවන්ට අදාළ ඇණවුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් වැය වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ දැනුම් දුන්නා. 

 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 හමාරක වංචාවක් කළ බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ අධි චෝදනා පත්‍ර භාර දීම සදහා සැප්තැම්බර් 16 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට නියෝග කළේ. 
 
කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති මහේන් වීරමන් අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුවා. 
 
සමාජයේ මහත් කැලඹීමක් ඇති කළ මෙන්ම, ශ්‍රී ලංකාවට විශාල ආර්ථීක පාඩුවක් සිදු වූ මෙම සිද්ධියට අදාළ නඩුව නොපමාව විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සදහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති කරන ලද ඉල්ලීමට අනුවයි අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් මෙම ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කර ඇත්තේ. 
 
නඩුව කැදවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම කියා සිටියේ නඩුකරයට අදාළ චෝදනා පත්‍ර අධිකරණය හමුවේ ගොනු කර තිබූණද, ඊට අදාළ ඇමුණුම් මේ වන විට ගොනු කර නොමැති බවයි. 
 
එක් විත්තිකරුවකු වෙනුවෙන් ඇමුණුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 866,565ක මුලක් වැය වන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මේ අයුරින් විත්තිකරුවන් දොළොස් දෙනෙකු වෙනුවෙන් අදාල ඇමුණුම් මුද්‍රණය කිරීමට නියමිත බවත් කියා සිටියා. 
 
ඒ අනුව විත්තිකරුවන් 12 දෙනෙකුට ඇමුණුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් එක් කෝටි තුන් ලක්ෂ 98,780ක මුදලක් වැය වනවා. 
 
එම ඇමුණුම් ලැබීමට දින 21ක් පමණ ගතවනු ඇති බවට රජයේ මුද්‍රණාලයාධිපති දැනුම් දී ඇති හෙයින් දින 21කට පසුව එළඹෙන දිනයක මෙම නඩුව කැඳවන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලීම් කළා. 
 
ඒ අනුව අදාල නඩුව සැප්තැම්බර් මස 16 වනදා යළි කැඳවනු ඇති.


Top Stories
wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

කොස්ගොඩ, වෙඩි තැබීම 'ෂාන් මල්ලි' - 'බාලේ' ගැටුමේ දිගුවක්

wedivistara

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම ගැන සමුළුව අනිද්දා ඇරඹෙයි

wedivistara

"භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි" - පශු වෛද්‍යවරු කියයි

wedivistara

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී - නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

Trending
wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

අමෙරිකානු ගායක් ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

wedivistara

ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි


NEWS ALERT