Local

"භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි" - පශු වෛද්‍යවරු කියයි

Saturday, 12 July 2025 - 8:26 pm

ඉදිරි දකුණු පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වී සිටින භාතිය හස්තියාට ප්‍රථිකාර කිරීම ඊයෙත් සිදුවුණා. 

 
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අශෝක දංගොල්ල ප්‍රකාශ කළේ, ස්නායු පද්ධතියට හානිවීම සහ මාංශ පේශීන් දියවීම හේතුවෙන් හස්තියාගේ ජීවිතය බේරාගැනීම අපහසු බවයි. 
 
පසුගිය වසරේදි පමණක් අලි ඇතුන් 300කට අධික සංඛ්‍යාවක් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් ඇති අතර වන අලි පහර දීම් හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 150කට අධිකයි. 
 
එවැනි පසුබිමක කලා වැව තම නිජබිම කරගත්, වයස අවුරුදු 20ක් පමණ වන වෙඩි වැදුණු “යස” නමැති දළ ඇතා සොයා වනජීවි නිලධාරීන් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණේ මීට දින කිහිපයකට පෙර සිදු කළ නිරීක්ෂණයකට අනුවයි. 
 
ඒ අනුව පණ්ඩුලගම වනජීවී නිලධාරීන් විසින් අදාළ ඇතා සැරිසරන ප්‍රදේශය ඊයේ පැහැදිලිව නිශ්චය කරගෙන තිබූ අතර කලාවැව රක්ෂිතය තුළ ඇතා නිර්වින්දනය කර ප්‍රථිකාර කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණා.


Top Stories
wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

කොස්ගොඩ, වෙඩි තැබීම 'ෂාන් මල්ලි' - 'බාලේ' ගැටුමේ දිගුවක්

wedivistara

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම ගැන සමුළුව අනිද්දා ඇරඹෙයි

wedivistara

"භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි" - පශු වෛද්‍යවරු කියයි

wedivistara

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී - නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

Trending
wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

අමෙරිකානු ගායක් ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

wedivistara

ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි


NEWS ALERT