Local
කොස්ගොඩ, වෙඩි තැබීම 'ෂාන් මල්ලි' - 'බාලේ' ගැටුමේ දිගුවක්
Saturday, 12 July 2025 - 8:36 pm
කොස්ගොඩ, හතරමංහන්දිය ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
ඒ අනූව දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘ෂාන් මල්ලි’ නැමැත්තා විසින් එම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවයි හෙළිව ඇත්තේ.
එම වෙඩි ප්‍රහාරයෙන් කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි නිමුතු අභිෂාන් හෙවත් රන් මහත්තයා නැමැත්තා තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
කෙසේ වෙතත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය මෙම පුද්ගලයා නොවන බවටයි පොලිසිය අනාවරණය කරගෙන තිබෙන්නේ.
තුවාල ලැබූ තැනැත්තා ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
ඒ ඔහු අහුන්ගල්ල ප්‍රදේශයේ සිට කොස්ගොඩ දෙසට ගමන් කරමින් සිටියදී බවයි පොලිසිය කියා සිටියේ. අදාළ ත්‍රිරෝද රථයේ හිමිකරුවන 'බාලේ' නැමැත්තා වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 'බාලේ' නැමැත්තාගේ සහෝදරයෙක්.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරය එක්ක කර ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.
මීට වසරකට පමණ ඉහතදීත් 'බාලේ' නමැත්තා ඉලක්කකර අහුන්ගල්ලේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් එහිදී ඔහු තුවාල ලබා තිබෙන බවත් පොලිසිය පවසනවා.
'බාලේ' නැමැත්තා සහ ‘ෂාන් මල්ලි' අතර කලක සිට පවතින ආරවුලක් වෙඩි ප්‍රහාරයට හේතුව බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.