ප්‍රදේශ රැසකට බලපෑ ඇති වියලි කාලගුණයත් සමග රක්ෂිත ගිනි තැබීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.
රක්ෂිත ගිනි තැබීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන්නේ නම් 117 යන අංකය අමතා තොරතුරු ලබාදිය හැකි බවයි එම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
මේ අතර කොස්ලන්ද සහ වැල්ලවාය අතර කොස්ලන්ද පහල කඳු බෑවුම් රක්ෂිතයේ ඊයේ (12) පැතිර ගිය ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා.