Local
රාගම - බටුවත්තේ ඝාතනයට සැකකරුවෙකු අත්අඩංගුවට
Sunday, 13 July 2025 - 8:29 pm
රාගම - බටුවත්ත ප්‍රදේශයේදී පසුගිය දා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 30 හැවිරිදි රාගම, බටුවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
ඊයේ දහවල් කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරකට අනූව සිදු කළ වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩුද සොයාගෙන තිබෙන බවයි පොලිසිය පවසන්නේ.