Local

නව සයිබර් ආරක්ෂණ සැලැස්මට කැබිනට් අනුමැතිය

Tuesday, 15 July 2025 - 8:12 pm

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අවකාශය සහ ඩිජිටල් පද්ධති සුරක්ෂිත කිරීම සඳහා වන නව ජාතික සැලැස්මකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව, 'ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ ක්‍රමෝපාය 2025-2029' ලෙස නම් කර ඇති මෙම නව වැඩපිළිවෙළ, ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මීට පෙර, 2019 සිට 2023 දක්වා ක්‍රියාත්මක වූ පැරණි සයිබර් ආරක්ෂණ සැලැස්ම පදනම් කර ගනිමින්, ලෝක බැංකුවේ සහාය ඇතිව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් මෙම නව සැලැස්ම සකස් කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් වන සිවිල් ක්ෂේත්‍රයන් පමණක් ආවරණය වන පරිදි, නෛතික හා නියාමන රාමු වැඩිදියුණු කිරීම, දැනුම වැඩි කිරීම, සයිබර් ආරක්ෂණ සූදානම වැඩිදියුණු කිරීම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ සහයෝගිතාව වැඩි කිරීම යන කරුණු පදනම් කරගෙන මෙය කෙටුම්පත් කර ඇති බව වැඩිදුර‍ටත් දැක්වෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්. 

 

news images
 
 


Top Stories
wedivistara

හෙද සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන දෙකක් සිකුරාදා නිකුත් කෙරේ

wedivistara

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල පහක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

හරක් කටා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම ‍කෙරේ

wedivistara

නව සයිබර් ආරක්ෂණ සැලැස්මට කැබිනට් අනුමැතිය

wedivistara

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටුමකින් සිසුන් 04 ක් තුවාල ලබයි

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි


NEWS ALERT