Local

තෛපොංගල් දිනය අදයි

Monday, 15 January 2024 - 8:59 am

හින්දු බැතිමතුන්ගේ නව වසරේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය සියලුම ලෝකවාසී හින්දු ජනයා විසින් අද (15) සමරනු ලබයි.

අස්වනු කපා වියළා ගන්නට උචිත යහපත් කාලගුණයක් සලසාදීම වෙනුවෙන් සූර්යයාට අස්වැන්නේ මුල් කොටස පිදීමටත්, ගව මහිෂාදී සත්ත්ව සමූහයා වෙත කෘතගුණ සැලකීමත් අරමුණු කරගෙන මෙම උත්සවය පැවැත්වේ.

‘ තායි ‘ නම් දෙමළ මාසයේ පළමුවන දිනය හඳුන්වනු ලබන්නේ ‘ පොංගල් ‘ නමිනි. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි.

යාපනය, කරෙයිනගර්, අයියනායක කෝවිලේ අද (15) උදෑසන 10.00ට පැවැත්වෙන ජාතික සංහිඳියා තෛපොංගල් උත්සවයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන ආර­ාධිත අමුත්තා ලෙස සහභාගි වේ.

ජාතික සමඟි සංහිඳියා කාර්යාලයේ සම්බන්ධීකාරක කන්දසාමි කරුණාකරන් මහතාගේ සම්බන්ධීකරණයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොංගල් උත්සවය, කරයිනගර්හි ව්‍යාපාරික ප්‍රජාව සහ විදේශ සබඳතා එක්කර ගැනීම සඳහා මෙම උත්සවය සංවිධානය කර ඇත.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT