සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක අවසන් 20යි 20 ජාත්‍යන්තර තරගය අද (16) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇත.
අද තරගය සඳහා ක්‍රීඩා කරන අතර අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට දිනේෂ් චන්දිමාල් කැඳවා ඇත.
මීට අමතරව චාමික කරුණාරත්න වෙනුවට කමිඳු මෙන්ඩිස් කැඳවා තිබේ.
තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම 1-1 බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවෙයි.