Local

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරුගේ ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

Wednesday, 16 July 2025 - 10:59 am

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අතවරයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ප්‍රකාශයක් කිරීමට අධිකරණයේ අවසරය ලබාදෙන ලෙස සැකකාර හිටපු යුද හමුදා සෙබළා කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වින්දිත වෛද්‍යවරියට අපහාස කර, ඇය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් අධිකරණය යොදාගෙන විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට සැකකරු සැලසුම් සහගතව උත්සාහ දරමින් සිටින බව අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරික්ෂක ඒ.සී. දයානන්ද සඳහන් කර සිටියා.

මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකොට, ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබාගෙන, වින්දිත වෛද්‍යවරිය අපහසුතාවට පත් කිරීමට සැකකරු වේතනාන්විතවම උත්සාහ දරමින් සිටින බවද, මීට පෙරද සැකකරු විවෘත අධිකරණයේදී තමන් වෛද්‍යවරිය දූෂණය කළේ බලහත්කාරයෙන් නොවන බවට මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවද උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු යුද හමුදා සෙබළෙක් වන සැකකරු ජූලි 29 වන දින දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT