Local

මියගිය සැරයන් අනුරාධගේ බිරියටත් දරුවාටත් සාධාරණය ඉටු කරනවා -මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

Monday, 29 January 2024 - 10:17 am

මියගිය සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ බිරියට සහ දරුවාට රජය මැදිහත්ව යම්කිසි සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේ පසුගිය 25 වැනිදා කටුනායක අධිවේගී මාර්ගයේදී ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්වීමෙන් මියගිය රාජ්‍ය ඇමැතිවරයාගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ අවමඟුල් උත්සවයට සහභාගි වෙමිනි.

පෙරේදා (27) පස්වරුවේ හෑදෙණිය, මරවනාගොඩ පිහිටි අනුරාධ ජයකොඩි මහතාගේ නිවෙසට පැමිණි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ජයකොඩි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඔහුගේ ඥාතීන් සමඟ කතාබහක නිරතවෙමින් වැඩිදුරටත් මෙලෙස කියා සිටියේය.

“යම්කිසි අයෙක් රාජ්‍ය නිලධාරියකු ලෙස සේවයට බැඳුණාම ඒ තිබෙන ප්‍රශ්න ටික විසඳාගන්න තිබෙන අමාරුකම මම හොඳාකාරවම දන්නවා. ජනාධිපතිවරයා සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාගේ අවමඟුල් උත්සවයට පැමිණි අවස්ථාවේ සැරයන් අනුරාධ ජයකොඩිගේ පවුල පිළිබඳ කතා කළා. මේ සම්බන්ධව ඇමැති ටිරාන් අලස් මහතා සමඟ ද දුරකතනයෙන් කතා කළා. අනිවාර්යයෙන්ම ජයකොඩි මහතාගේ බිරිය සහ දරුවාට සාධාරණයක් ඉටු කරනවා.”

පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ අවසන් කටයුතු පෙරේදා (27) පස්වරුවේ හෑදෙණිය, වැරුල්ලගම, මරවනාගොඩ පොදු සුසාන භූමියේදී පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදු කළ අතර, එම අවස්ථාවට අනුරාධ ජයරත්න, ඩී. වී. චානක, මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, රංජිත් බංඩාර, ගුණතිලක රාජපක්ෂ යන මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT