උඩරට, පහතරට, සබරගමුව, සාම්ප්‍රදායික නර්තනයන්ගෙන් හා අලි ඇතුන් සහිත මනස්කාන්ත සංස්කෘතික අංගෝපාංග පෙරටු කරගනිමින් ඓතිහාසික සේරුවිල ලලාට ධාතු පෙරහර මංගල්‍යය අද (24) සෙනසුරාදා උත්සවශ්‍රීයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අළුදෙණියේ සුබෝධ හිමියෝ පැවසූහ.
මෙවර පැවත්වෙන්නේ සිය වැනි ඓතිහාසික පෙරහර බැවින් ඊට පිට පළාත්වලින්ද බැතිමතුන්, සංචාරකයන් හා වන්දනාමානකරුවන් අතිවිශාල පිරිසක් පැමිණීමට නියමිතව ඇති බවත්, පැමිණෙන සියලු පින්වතුන් වෙනුවෙන් ආහාරපාන ඉඳුම්හිටුම්, වැසිකිළි කැසිකිළි ඇතුළු අත්‍යවශ්‍ය සියලු පහසුකම්ද, කන්තලේ නගරයේ සිට සේරුවාවිල පුණ්‍ය භූමිය දක්වා විශේෂ බස් රථ සේවාවක්ද ආරම්භ කර ඇතැයි උන් වහන්සේ ප්‍රකාශ කළහ. බත් දන්සල්, සුප් දන්සැල් ඇතුළු දන්ල් හා අලංකාර මල්වෙඩි සන්දර්ශනද සමඟ මනෝරම්‍ය පෙරහර මංගල්‍යයක රූසොබා අසිරිය විඳ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේ නමදින්න සියලු ශ්‍රී ලංකාවාසි බෞද්ධ ජනතාවගේ සම්ප්‍රාප්තිය තමන් වහන්සේ බලාපොරොත්තු වන බවද සුබෝධ හිමියෝ පැවසූහ.