Local

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Tuesday, 08 July 2025 - 11:16 am

2018 වසරේදී, අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින්, පොළොන්නරුව - මහියංගනය මාර්ගයේ පිහිටි ‘කළු කැළේ’ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින්, පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.

ඒ අනුව, අරලගංවිල පොලීසියේ එවක ස්ථානාධිපති ලෙස කටයුතු කළ එස්.එම්.එල්.ආර්. බණ්ඩාර යන අය විසින් ඔහුගේ පෞද්ගලික මුදල්වලින් පෙත්සම්කරුවන් වෙත රුපියල් 30,000 බැගින් වන්දි ගෙවිය යුතු බවයි අධිකරණය නියෝග කර ඇත්තේ‍.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආර්.ඒ. ගාමිණී ජයරත්න සහ එච්.ආර්. එරන්ද යන අය විසින් ඉදිරිපත් කළ මූලික පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මහජන උද්ඝෝෂණ විසුරුවා හැරිය යුත්තේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයට බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දැනුවත් කිරීම අවශ්‍ය බවත් විනිසුරුවරයා සිය තීන්දුව මගින් ප්‍රකාශ කර තිබෙනවා. 

ඊට අමතරව වල් අලි ගම් වැදීම වැළැක්වීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවි අධ්‍යක්ෂ ජෙනරල්වරයාටද නියෝග කර තිබෙනවා.

පොලීසිය ඉල්ලා සිටි පමණින් යම් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරු කටයුතු නොකළ යුතු බවයි අදාළ නඩු තීන්දුව තුළින් විනිසුරුවරුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT