Local

පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේදී වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී දකුණු දළදා පෙරහැර මේ මස 20 වනදා

Tuesday, 16 July 2024 - 3:01 pm

පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේදී වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී දකුණු දළදා පෙරහැර මේ මස 20 වනදාට යෙදී ඇති ඇසළ පුංපෝදා අලි ඇතුන් සහ සංස්කෘතික නර්ථනාංග සහිතව පැවැත්වීමට නියමිතව තිබෙන අතර ඒ පිලිබදව මාධ්‍ය දැණුවත් කිරීම
14 වන ඉරිදා කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ දී පවත්වන ලදී.

එම අවස්ථාවට වැඩමවා වදාළ පොළොන්නරුව රජමහා විහාරාධිපති, මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා වැඩ බැලූ අංශාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ සෝමාවතී සෑරදුන් අභියසදී සිදුවූ හාස්කම් සහ මෙතෙක් පැවති පෙරහැර මංගල්‍යයන්ද මෙවර පෙරහැර පැවැත්වෙන අන්දම පිලිබදවද පැහැදිලි කරමින් මෙසේ පැවසීය.

බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කර ඇති ඓතිහාසික සෝමාවතී රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දකුණු දළදා පෙරහැර මේ මස 20 වනදා අලංකාර නර්තනාංග සහ අලි ඇතුන් සහිත දර්ශනීය පෙරහැරක් ලෙස පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම්. දානපතියන් සතර පේරුවේ දායකයන් ප්‍රදේශය නියෝජනය කරමින් දේශපාලනයේ නිරතවන මැති ඇමතිවරුන් මෙන්ම දෙස් විදෙස් බෞද්ධ මෙන්ම අන්‍යාගමික ජනතාව ගේද නොමසුරු දායකත්වයෙන් දහනමවන වරට පැවැත්වෙන මෙම පෙරහැර විසිවන සෙනසුරාදා රාත්‍රී 8.00 ආරම්භ කිරීමට පෙරහැර කමිටුව සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම ශ්‍රී දකුණු දළදා පෙරහැරට විෂ්ණු, කතරගම, සමන්, ඊෂ්වර, මහාබ්‍රහ්ම, නාථ ඇතුළු දේවාල අටක් නියෝජනය කරමින් දේවාල පෙරහැරවල්ද පෙර වසරවල මෙන්ම මෙවරත් පෙරහැර අලංකාර කර තිබෙනවා.
මෙම දර්ශනීය පෙරහැර නැරඹීමට මේ මස 20 වනදා ඓතිහාසික සෝමාවතී පුදබිමට පැමිණෙන ලෙස දෙස්විදෙස් බැතිමතුන්ට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. පෙරහැර සමයේදී මේ පුදබිමේ විශ්මයජනක හාස්කම් සිදුවෙනවා.වාර්ෂිකව පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන් ඒ පිලිබදව අත්දැකීමෙන් දන්නවා.දෙවිදේවතාවුන් සෝමාවතී වැදපුදා ගැනීමට හේවිසි ඝණ්ඨාර නද මැදින් වඩින අයුරු විශ්මයජනක දර්ශනයක්.පිංවත් පිරිස එය දැක සාදුනාද දෙනවා.ආරම්භයේදී මේ දකුණු දළදා පෙරහැරේ කරඩුව වැඩම කලේ හස්තියෙකු මත නෙවි ලොරි තට්ටුවක් මත තබා ගෙනයි. 2009 වසරේ පෙරහැරට සූදානම් වෙමින් සිටියදී වර්තමාන දියවඩන නිලමේ තුමාගේ උපකාරයෙන් නුවර දළදා පෙරහැරේ සද්ධාතුක කරඩුව වැඩමවන ඉංදිරාජා හස්තියා අපට ලබාදීමට එතුමා කාරුණික උනා.
නමුත් නිර්මල බුදුදහමට සොබාදහමින් ලැබෙන ආශීර්වාදයක් ලෙස පැවසීය හැකි ලොකුම හාස්කම වන්නේ අදටත් මේ මහා ඝණ වනාන්තරයේ විරාජමානව වැඩවාසය කරන ශ්‍රී දකුණු දළදා වහන්සේ සුරක්ෂිත කරන්නේ වනාන්තර යේ සිට පැමිණෙන අලිඇතුන් විසින් කීවොත් ඔබ පුදුම වේවි.එය නිර්මල බුදුදහම තුලින් එන ලොකු හාස්කමක් ලෙසයි මගේ විශ්වාසය.

පොළොන්නරුව ප්‍රදේශය නියෝජනය කරමින් සිරිපාල ගම්ලත් ඇමතිතුමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පවුලේ පිරිස මෙන්ම රජයට සම්බන්ධ මැති ඇමතිවරු සහ දානපතියන් එක්ව පෙරහැර සදහා අනුග්‍රහය දක්වනවා. පෙරහැර පැවැත්වීම සඳහා ආධාර කරන ලෙස රජයෙන් මම ඉල්ලීමක් කර නැහැ.අපිට ලැබෙන ආධාර මුදලින් පෙරහැර සදහා අවශ්‍ය වියදම් සපුරා ගන්නවා.

රජයට සම්බන්ධ සියලු පාර්ශවයන් මේ සඳහා උදව් කරනවා. සෝමාවතී පුදබිමේදී සිදුවූ විවිධ ආශ්චර්යමත් හාස්කම් සියැසින් දුටු පිරිස එම ආශීර්වාද පතා පෙරහැර දිනට පෙර සිටම මෙහි රැස්වන බවත් උන්වහන්සේ සිහිපත් කලේය.

මෙම අදහස් දැක්වීමට සෝමාවතී රජමහා විහාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක ප්‍රසන්න අධිකාරි මහතා සහ සෝමාවතී රාජමහා විහාරයේ සෞඛ්‍ය සේවා සහ ප්‍රජා සනීපාරක්ෂාව පිළිබඳ සම්බන්ධීකාරක චානක ප්‍රදීප් කුමාර යන මහත්වරු ද එක්ව සිටි අතර පෙරහැරට එක්වන බැතිමතුන්ගේ ආරක්ෂාවට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලැබෙන බවත් හදිසි රෝගී තත්වයකදී උපස්ථාන කිරීමට ගිලන් රථ මෙන්ම දානපතියන් විසින් පිරිනමන දංසැල් මෙවරද පැවැත්වෙන බවත් ප්‍රවාහන පහසුකම්ද නොඅඩුව සපයා ඇති බවද එම නියෝජිතවරුන් දෙපල පැවසීය.

ගම්පහ කුසුම් එස් හැන්නදි
15/7/2024


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT