Local

රනිල්ට අනුරට හීනෙන්වත් හිතන්න බැරි ඩොලර් කන්දක් මාතෘ භූමියට ගේනවා.. ණය නොවේ තනිකරම ආධාර…

Sunday, 08 September 2024 - 12:24 am

රනිල් වික්‍රමසිංහ මහතාට හෝ අනුර දිසානායක මහතාට හීනෙන්වත් හිතාගන්න බැරි ආධාර තොගයක් තම කණ්ඩායම මාතෘ භූමියට රැගෙන එන බව සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණ වෙනුවෙන් පැවති සමගි ජන බලවේගයේ ජනරැළියක් අමතමිනි.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කියා සිටියේය.

‘අපි අපේ ජනවරම ලබාගෙන රටේ ජනතාව අපිට ලබාදෙන තාවකාලික භාරකාරත්වය ලබාගෙන රට ගොඩගනියි කියලා අනුර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ බයයි. රට ගොඩනගන අපේ යෝජනාවලට ඔවුන් සිදුකරන්නේ විහිළු කරන එකයි. 2019 දීත් විහිළු කළා. නමුත් ඒ විහිළුවෙන් රට බංකොලොත්භාවයට පත් වුණා. වර්තමාන රජයත්, ජනතා විමුක්ති පෙරමුණත් ක්‍රියාත්මක කරන බොරුවට ජනතාව රැවටෙන්න එපා.

බංකොලොත්වුණ රටක් ගොඩගන්න විශාල සංවර්ධනයක් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගත යුතුයි. මේ රටේ වසර 76 ක් සේවාවන් සිදුවුණේ රාජ්‍ය බලයත් සමඟයි. කවුරුත් විපක්ෂයේ සිටිමින් රටට වැඩක් කරලා නෑ. නමුත් බලයක් නොමැතිව රටට වැඩක් කරලා අපි ඔප්පු කරලා තිබෙනවා. රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය ගොඩනගන්න අපි මිලියන 1000 ක වැඩ කොටසක් රට වෙනුවෙන් ඉටු කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයාට හෝ අනුර දිසානායක මහත්තයාට හීනෙකින් හිතන්න බැරි ආධාර ප්‍රමාණයක් මගේ කණ්ඩායම සමඟ මගේ මාතෘ භූමියට රැගෙන එනවා. ඒ රැගෙන එන්නේ ණය නෙවෙයි ආධාර. ඒ තුළින් රටේ නිවාස හදන්න, රටේ නිෂ්පාදන කර්මාන්තශාලා නිර්මාණය කරන්න , අපනයන කේන්ද්‍රීය කර්මාන්තශාලා බිහි කරන්න අපි කටයුතු කරනවා.’


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT