Local

ආණ්ඩුවට අවබෝදයක් නෑ.. තමන් කියපු දේවල් බැරිනං අපි කියපු දේවල් හරි කරන්න..

Wednesday, 30 October 2024 - 7:40 pm

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට උදය සෙනවිරත්න කමිටු වාර්තාව මගින් කළ නිර්දේශ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළි ගන්නේද යන්න රාජ්‍ය සේවකයින්ට පැවසිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා 2025 වර්ෂයේදී රාජ්‍ය සේවකයින්ට වැඩි කිරීමට තීරණය කළ වැටුප් හා දීමනා වැඩි කරන ලෙසත් එය මඟ නොහරින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ඉල්ලා සිටියි.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව, වැල්ලවීදිය පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

” ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් පත් වෙන්න කලින් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළ යුතුයි, වැටුප් විෂමතා ඉවත් කරන්න, ජීවන වියදමට සරිලන පරිදි වැටුප් වැඩි කරන්න ඕනේ කියලා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිති විශාල ලෙස උද්ඝෝෂණය කළා. රට වැටිලා තිබුණු වෙලාවේ තමා ඒ උද්ඝෝෂණ සිදු කලේ. රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ස්ථාවර කරලා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් දහදාකින් වැටුප් වැඩි කළා. ඒ පඩි වැඩිවීත් මදි, අවමය විසිපන්දාහක පඩි වැඩිවීමක් අවශ්‍යයි කියලා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිති දිගින් දිගටම කියා සිටියා. වැටුණු ආර්ථිකය ගොඩනගමින් සිටින වෙලාවක රාජ්‍ය සේවකයින් යොදාගෙන රටපුරා උද්ඝෝෂණ, වැඩවර්ජන සිදු කරලා රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කරන්න ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිති කටයුතු කළා. ලැබෙන පඩියෙන් රාජ්‍ය සේවකයින්ට ජීවත් වෙන්න බැහැ කියලා කරුණු කීවට පස්සේ රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් ජාතික ජන බලවේගයට ජන්දය දුන්නා.

රාජ්‍ය සේවකයින්ගෙන් පැමිණි උද්ඝෝෂණ හා වැඩවර්ජන නිසා ඔවුන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට උදය සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුක් පත් කළා. ඒ සඳහා විශේෂ දැනුමක් හා ඒ පිළිබඳව කටයුතු කරන ආයතනවල සහයෝගය ඇතිව එම කමිටුව පත් කළා. ඒ කමිටුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීම ගැන සොයා බැලුවා.

ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රධාන වෘත්තිය සමිති 91 ක් ඒ කමිටුව කරුණු වාර්තා කළ. ඒ අය කීවේ අපිට ලැබෙන පඩිය මදි. ජීවත් වෙන්න විදියක් නැහැ. පඩි වැඩි කරන්න කියලා. උදය සෙනවිරත්න කමිටුව තීරණය කළා අවමය 25,000 කින් පඩි වැඩි කරන්න. එහෙම නැතිනම් අවමය සියයට 24 කින් පඩි වැඩි කරන්න. මූලික වැටුප අවමය 55,000 දක්වා වැඩි කරන්න ඕනේ කියලා. මේ යෝජනා දෙකම ක්‍රියාත්මක කරන්න යෝජනා වූනේ ජනතා විමුක්ති පෙරමුණ හා වෘත්තිය සමිති මීට වඩා පඩි වැඩිවීමක් ඉල්ලලා තිබුණු අවස්ථාවක.

රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර කරලා තිබුන නිසා උදය සෙනවිරත්න කමිටුව යෝජනා කළ වැටුප් වැඩි වීම ක්‍රියාත්මක කිරීමට හැකිව තිබුනා. ඒ අනුව කැබිනට් මණ්ඩලයට යෝජනා කළා අවම වැටුප 55,000 දක්වා වැඩි කිරීමටත්, දීමනාව 25,000 දක්වා වැඩි කිරීමටත්. රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වුනාට පස්සේ කියපු දේවල් සියල්ල කරපු නායකයෙක්.

රට ගොඩගන්න අමාරු මට්ටමක තියෙන්නේ කියලා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලාම අනුර කුමාර මහතා කිව්වේ අපට ඕනේ විසඳුම් මිසක් මේ අමාරු තත්ත්වය කියන්න එපා. රට භාර ගත්තනම් කරන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහතා එම අභියෝගය භාර අරන් සංචිත වැඩි කරලා, ආර්ථිකය වර්ධනය කරලා, ආදායම් වැඩි කරලා රට විශාල ප්‍රගතියකට අරන් ආවා. එහි ප්‍රතිඑලයක් විදියට තමා රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම කැබිනට් අනුමැතියට දාන්නේ. මුදල් අමාත්‍යාංශයේ සහ අදාළ ආයතනවල නිර්දේශ සහිතව 2025 වැටුප් හා දීමනා වැඩි කිරීමට මුදල් වෙන් කිරීමට කටයුතු කළා. 2025 වැටුප් හා දීමනා වැඩි කිරීමට 2024 නොවැම්බර් මාසයේ එන විසර්ජන පනතට ඇතුලත් කරන්න. 2024 විසර්ජන පනතින් තමා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වැඩිවීමට තිබුනේ.

ජනතා විමුක්ති පෙරමුණ කීවේ මීටත් වඩා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් මාස හයෙන් හයට කරනවා කියලා. මාලිමාවට විශාල විශ්වාසයක් තියලා රාජ්‍ය සේවකයින් ජන්දය ලබා දුන්නා. අපි ඒ අයගෙන් අහනවා අපි වැඩි කරපු අවම ගානවත් රාජ්‍ය සේවකයින්ට ලබා දෙනවද කියලා. ජනතා විමුක්ති පෙරමුණ මෙවර අයවැය ලේඛණය ඉදිරිපත් කරන්නේ නැහැ. ඉදිරිපත් කළොත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම පෙන්නන්න වෙනවා. ඒ නිසා මේ අය මෙවර අයවැය ඉදිරිපත් කරන්නේ නැහැ. අයවැය ඉදිරිපත් කරන්නේ මාර්තු මාසය තුළ. අයවැය ලේඛණය ඉදිරිපත් නොකර කල් දාගත්තම පාර්ලිමේන්තු මැතිවරණය හා ප්‍රාදේශීය සභා මැතිවරණය දිනා ගන්නන පුලුවන් වෙයි කියලා. අයවැය ලේඛණය ඉදිරිපත් කලාම ජනතාවට තේරෙනවා රාජ්‍ය සේවක වැටුප් මාස හයෙන් හයට වැඩි වෙන්නේ නැහැ කියලා.

උදය සෙනවිරත්න වාර්තාව කියන්නේ සියලු දෙනා පිලිගන්නා වාර්තාවක්. වෘත්තිය සමිත් 91 ක් හා වෙනත් වෘත්තිය සමිති 371 ක් සම්බන්ධවන පුළුල්ව සාකච්ජා කර ගත්ත තීන්දුවක්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් අහන්න කැමතියි උදය සෙනවිරත්න වාර්තාව පිළිගන්නවද ? නැද්ද ? කියලා. වැඩි කරලා තියෙන වැටුප හා දීමනාව ගෙවන්න ඕනේ කියලා පිලිගන්නවද නැද්ද. රාජ්‍ය සේවය මිලියන 1.3 යම් ප්‍රමාණයකින් අඩු කරන්න ඕනේ කියලා පිලිගන්නවද කියලා අහන්න කැමතියි. පිලි නොගන්නේනම් පිලිගන්න කමිටු වාර්තාව මොකක්ද ? ඒ අය රාජ්‍ය සේවකයින්ට කොපමණ වැටුප් හා දීමනා වැඩි කරනවද? මේ අයගේ වෘත්තිය සමිති තමා කිවේ වැටුප් වැඩි කරන්න කියලා. අපි දෙන්න ගිය එකත් නතර කළා. හරිනි අග්‍රාමාත්‍යතුමිය කියනවා මුදල් වෙන් කරලා තිබුනේ නැහැ කියලා. එයාට තියෙන දැනුම ගැන අපිට කණගාටුයි.

2025 වැටුප් වැඩි කිරිමට මුදල් වෙන් කරන්නේ 2024 වර්ෂ අවසානයේ විසර්ජන පනතින්. විසර්ජන පනත ඉදිරිපත් කරලා අනුමත වුනාම තමා 2025 මුදල් වෙන් කරන්නේ. මේ ගැන අවබෝධයක් නැති, තමන්ව බලයට ගෙන ඒමට කටයුතු කළ රාජ්‍ය සේවකයින් පහලට දාලා කතා කරන එක ගැන කණගාටුයි.

ජනපති හා අගමැතිගෙන් අහන්න කැමතියි උදය සෙනවිරත්න කමිටුවෙන් යෝජනා කළ අවම වැටුප 55,000 දක්වා වැඩි කිරීම පිළිගන්නවද නැද්ද ? අවම දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කිරීම පිලිගන්නවද නැද්ද ?. රාජ්‍ය සේවකයිනිගේ වැටුප් වැඩි කිරීම පිලිගන්නවද නැද්ද ?. ජනතා විමුක්ති පෙරමුණ හා ඒ අයගේ වෘත්තිය සමිති තමා රනිල් වික්‍රමසිංහ මහතාට බල කර සිටියේ වැටුප් වැඩි කරන්න කියලා. උදය සෙනවිරත්න කමිටුවේ අදහස් විමසලා ඒ නිර්දේශ මත රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේ. ඒ අනුව තමයි මුදල් වෙන් කළේ. දැන් ජනතා විමුක්ති පෙරමුණට පැනලා යන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහතා වැඩි කළ අවම වැටුපවත් රාජ්‍ය සේවකයින්ට ලබා දෙන්න යැයි” නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය


Top Stories
wedivistara

ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT