Local

ජනතාව අමාරුවේ වැටුණාම අපි පැනලායන්නේ නැහැ - දිලිත්

Friday, 01 November 2024 - 7:05 pm

සැබෑ විපක්ෂයේ වගකීම් ඉටු කිරීමට එඩිතර විපක්ෂය ලෙස තම කණ්ඩායම සූදානම් බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

සර්වජන බලයේ කැලණිය ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

සර්වජන බලයේ කැලණිය ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (31)පස්වරුවේ පක්ෂ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එලෙස පැවැත්වුණි.

සර්වජන බලයේ නායක, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

'ශ්‍රී ලංකාවේ යම් දේශපාලන පරිවර්ථනයක් සිදු වුණා නම් 51දී... ඒ 56යේ විප්ලවයට මගපාදපු 51කේ පරිවර්ථනය නැවත ඉපදුනා නම් ඒ පුනරුත්පත්තිය තමයි සර්වජන බලය. ඔබ වෙනුවෙන් පෙනීසිටින නායකත්වයක් ඉන්න සර්වජන බලය.... පස්ස දොරෙන් පැනලායන්නේ නැති... ඔබත් එක්කම මේ ගමනේ ඉස්සරහින් යනවා. ඒක තමයි අපේ නායකත්වය.'

'අපිට ඕනේ විපක්ෂය. බස් එලවන විපක්ෂය නෙමෙයි. මේක එඩිතර විපක්ෂය. මේ එඩිතර විපක්ෂය එන්නේ විපක්ෂයේම ඉන්න නෙමෙයි. බලය ගන්නයි එන්නේ එඩිතරව. කකුලෙන් ඇදලා නෙමෙයි.' 


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT