Local

රජයේ හෙද නිලධාරීන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක.

Monday, 17 March 2025 - 6:34 pm

රජයේ හෙද නිලධාරීන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක නීරතවෙමින් පෙරවරු 11.30ට පහත රෝහලවල ඉදිරිපිට විරෝධතා පවත්වන්නට කටයුතු යොදා ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

එකඟ වූ පරිදි හෙද සේවාවේ උස්සවීම් පිලිබඳ ගැටලුව පිලිබඳව කිසිදු මැදිහත්වීමක් සිදුනොවීමත්,
අතිකාල දීමනා 1/200 හා නිවාඩු දින දීමනා 1/30 කිරීමට 2025 අයවැය මඟින් කල යෝජනාව පිලිබඳව මුදල් අමාත්‍යාංශ සාකච්ඡාව එකඟ වූ පරිදි නොලැබීමත් යන කරුණු නිසා හෙද සේවාව දැඩි ලෙස නොසන්සුන්තාවයකට පත්ව ඇති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි. එබැවින් 2025.03.017 දින දීපව්‍යාප්ත පැය 3ක් සේවාවෙන් ඉවත්වීමටත්, එදින දහවල් සියලු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරන බවටත් දන්වා සිටී.

ඒ අනුව කළුතර/කොළඹ ජාතික රෝහල/ පේරාදෙණිය /බදුල්ල/ වව්නියාව / මන්නාරම/ කාසල් / රාගම / මහනුවර / අනුරාධපුර / නුවරඑළිය / නාවලපිටිය / කුරුණෑගල / කිලිනොච්චිය / කෑගල්ල / හලාවත්/ මාතර / රත්නපුර / තඹුත්තේගම / බලංගොඩ / ඇඹිලිපිටිය/ මඩකලපුව/ අක්කරෙයිපත්තු/පදවිය ඇඹිලිපිටිය /යාපනය / මහියංගනය/ ඇල්පිටිය / කරාපිටිය/ කළුබෝවිල / බලංගොඩ/ මාතලේ/ ත්‍රිකුණාමලය /මිනුවන්ගොඩ / දෙහිඅත්තකණ්ඩිය / බොරැල්ල ළමා රෝහල ඉදිරිපිටදී විරෝධතාවල නිරතවනු ඇති.
 


Top Stories
wedivistara

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

wedivistara

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

wedivistara

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

wedivistara

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

wedivistara

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

wedivistara

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය


NEWS ALERT