Local

රජයේ පාසල් සිසුන්ට අද සිට රක්ෂණාවරණයක්

Thursday, 01 August 2024 - 1:56 pm

සුරක්ෂා සිසු රක්ෂණය අද(01) සිට වසර තුනක කාලයක් සඳහා රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රියන්ත පෙරේරා මහතා අත්සන් තැබී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 7,112 ක මුදලක් මේ සඳහා ආයෝජනය කර ඇති බවත් මෙම රක්ෂණාවරණය මගින් රජයේ හෝ පෞද්ගලික රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ ලෙස රු. 300,000ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ වශයෙන් රු. 20,000ක් සහ අසාධ්‍ය රෝග ප්‍රතිලාභ ලෙස රු. 1,500,000ක් දක්වා ප්‍රතිලාභ හිමි වන බවයි. එමෙන් ම අනතුරු රක්ෂණාවරණ මගින් පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාවක දී – රු. 200,000ක් ද, සදාකාලික අර්ධ අකර්මණ්‍යතාවක දී රු.150,000ක් ද, තාවකාලික අකර්මණ්‍යතාවයක දී – 25,000 සිට 100,000 දක්වා ද ප්‍රතිලාභ හිමි වන බවත් ජීවිත රක්ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම රු.180,000කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව ‘අස්වැසුම ‘ වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය, නීත්‍යනුකූල භාරකරු වියෝවක දී සිසු දරුවකු සඳහා රු. 75,000 බැගින් ද, එක් මරණයක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු. 225,000 වන බවත් පවුලේ සියලු ම සිසුන් අතර එම මුදල සමානව වෙන් කරන බවත් මාපියන් දෙදෙනාගේ ම හෝ නීත්‍යනුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමි වන බවත් අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

තවද පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය සඳහා නොමිලේ කාඩ්පතක් හිමි වන අතර මෙම රක්ෂණාවරණය ඩිජිටල්කරණය කර තිබීම ද විශේෂත්වයකි


Top Stories
wedivistara

හෙද සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන දෙකක් සිකුරාදා නිකුත් කෙරේ

wedivistara

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල පහක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

හරක් කටා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම ‍කෙරේ

wedivistara

නව සයිබර් ආරක්ෂණ සැලැස්මට කැබිනට් අනුමැතිය

wedivistara

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටුමකින් සිසුන් 04 ක් තුවාල ලබයි

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලීමක්

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි


NEWS ALERT